අලි කරදර අලි(මහත් ) කරදර ලෙසම අත්විඳින ප්‍රදේශයක සිට තම කුළුදුල් කාව්‍ය සංග්‍රහය එළිදක්වන කිවිඳිය සාවිත්‍රී දිසානායක.
එසේ කවි මගට පිවිසෙන සාවිත්‍රී ගේ කාව්‍ය සංග්‍රහය අලි කරදරම පැවසීමට නිමැවූවක් ලෙස පෙනී යන්නේ එහි ඒ පිළිබඳව අන්තර්ගත නිර්මාණ හේතුවෙනි.එසේම තම කාව්‍ය කළඹ “අලි වැට”ලෙස නම් කිරීම ඇයට අවසාන අස්වැසිල්ල වීමට තරම් හේතු ඇය සතුව ප්‍රමාණවත්ව ඇතැයි සිතමි.
මෙි සම්බන්ධයෙන් මාහට අනෙකක්ද ගම්‍ය වේ.මෙම අලි මිනිස් ගැටුම විසඳීමට මහෞෂධ පඬිවරයා නැති කල ඊට මිලිටරි විසඳුමක් ලැබීමට පෙර අලි වැටක් එසේ නැත්නම් විශාල වැටක් අවශ්‍යව ඇති බවයි.
කෙසේ වෙතත් මම මෙහිදී කිවිඳියගේ කවියක් දෙකක් පිළිබඳව අලින්ගෙන් මිදී කථා කිරීමට ප්‍රිය වෙමි.
හිත කොහෙද?
මේ මහ හුළඟින්වත්
නිවිල යන්න
හිත තිබුණනම්
එළිපහළියක
මේ හැටිම ඇවිලෙද්දි
හිත තරම් ඇවිළෙන යමක් තව තිබෙිද?එය දවන්නේද අභ්‍යන්තරයයි.ඇය පවසන්නේ “මේ හුළඟින්වත්
නිවිල යන්න
තිබුණානම්” යන්නයි
ඇය පවසන පරිදි දුක , සංතාපය , වෙිදනාව ආදිය හිත රෝගී කරන දේ.එවැන්නක් නිවන්න මහ හුළඟක් අවශ්‍ය වෙනව.ඒ මහ හුළඟ ආදරය වෙන්න පුළුවන් .දයාව ,රැකවරණය වෙන්න පුළුවන් .කිවිඳිය භෞතිකව ස්පර්ශ කරන හුළඟ මම මගෙ රසිකත්වය තුළ ඉඳල ලිහාගන්නෙ එහෙම
ඇයි දැන් මිදුලට යන්නෙ?
දැනෙන විටත් රොස් ගඳ
පිච්චිලා ඉවරයි බත් එක
ඔය තරම් සිහියක් නැත්තෙ
කොයි ලෝකෙ ඉන්නවද දන්නෑ ඇත්තට
වෙන ලෝකයක් කොහෙන්ද
ගෙදරට වෙලා බත් තමිබන මට
ඇයි දැන් මිදුලට යන්නෙ
ඒ නොම්මරෙන් කෝල් එනකොට
කුටුම්බ ජීවිතේ එහෙමය .කුටුම්බ ජීවිතේ මෙහෙමය.ඒ පවුල් සංස්ථාව ගැන අදාළ ප්‍රශ්නයට ලැබෙන පිළිතුරු ය.ඒ අනුව පවුල් ජීවිතය එහෙමය.පවුල් ජීවිතය මෙහෙමය.
‘”ගෙදරට වෙලා බත් තම්බන ජීවිතය අැයට තේරුම් යන්නෙ කාලයත් සමඟය.දැන් ඒ ලෝකෙ සිහිනවල දැවටෙන ඇයට වෙන සිහිනයක් නොපෙනෙන තරම්.චිත්‍රපටයක් බලන්න යන්න,දරුවොත් එක්ක රට තොට බලන්න යන්න,වෙනසකට එළියට යන්න ඒ සිහින ඒ ලෝකෙ නැතිවෙලා.එවන් අමාවක හිතකට හීන පේනවද?බහුතර සිංහල බෞද්ධ පවුල්වල බිරිඳ සිඟාලෝවාද සූත්‍රයට අනුව යද්දි සැමියා තම ප්‍රේමවන්ත ෆැන්ටසියෙන් මිදෙන්න නෑ.මේ කවියෙදි මට පේන්නෙ ඇය ඇතුළට එනවිට තව කෙනෙක් මිදුලට එනව.ඔහු ඒකයි මිදුලෙ ජීවත්වෙන්නෙ තම ෆැන්ටසියෙ.මෙතනදි බිරිඳ අහන්නෙ “ඇයි දැන් මිදුලට යන්නෙ?”කියල .මෙික අඹු සැමියන්ට අැය ඉදිරිපත්කරන බරපතල පැනයක්.
අපි ඛේදවාචකය කියල දකින දේ නෙමේ ඛේදවාචකය .ඊට හේතුවයි ඛේදවාචකය.
හරියටම කියනවනම් ඛේදවාචකය තියෙන්නෙ ඛේදවාචකය පිටුපස.
ඉතින් “ඇයි මිදුලට යන්නෙ ?”කියල අහල ඇය සිරවෙනව යළිත් සිඟාලෝවාද සූත්‍රයෙ.
දික්කසාදයෙන් පසු හඬනු දැක
අවුල් වුණු කෙහෙරැළි
නිමක් නැති කඳුළැලි
දැක නැගෙයි දහසක්
පසුතැවුණු සිතිවිලි
මා නොමැති දවසෙහි
වෙළී ඇත නුඹ ඔහුගෙ සිරුරෙහි
කිමද තව මා රැඳී මේ මඟුලෙහි
කුමන අරුතක්ද නුඹේ කඳුළෙහි
පිටමං කරනු රිසි
යුතුකම් කරමි
අතැර නුඹ පමණක්
දරුවන් රකිමි නිසි
කොයිතරම් හැඬූවත්
රිදීමක් නොමැත කිසි
ඉවසන් ඉඳින් දැන්
අාපසු හැරෙනු බෑ යළි
මේ කලින් දක්වන ලද කවියේ දිගුවයි.
සිය බිරිඳට පවුලෙන් ඇගේ ෆැන්ටසිය සොයා ගැනීමට ඉඩ හසර නොලැබෙන විට සැමියා ගේ ප්‍රතිචාරය බලවත්ය ඈව අතහැර දමයි.එය බරපතල දඬුවමකි.පෙර කවියේ එන බිරිඳ සැමියාට පැනය ඉදිරිපත්කර පසුබා සිටියි.මෙම කවියෙහි සැමියා පුරුෂබව ගැහැනිය ට පෙන්වන අතර සමාජයටද තමා නිදොස්වෙන්නෙ දරුවන්ව රැකබලාගන්නා බව පවසමිනි.
මෙවන් තැන්හි භෞතිකව බිරිඳව අතහැර දමන සැමියන්ද සැමියන්ව අතහැර දමන බිරින්දෑවරුන්ද සමාජයේ සිටින බව අප දනිමු.
නමුත් මම මේ කවියේ කිවිඳිය අදහස් නොකළා යැයි හිතෙන යමක් උපුටා දැක්වීමට කැමතියි.
මෙහි “මා නොමැති දවසෙහි”යන්න මවිසින් එළියට ගන්නෙ කවියක් අපව ගෙනයන දුර පැවසීමටයි.
සත්‍ය නම් බිරිඳ සැමියාට සිටිය යුතුය .සැමියා බිරිඳට සිටිය යුතුය .එය එසේ නොමැතිවිට සැමියෙකු අයුරින් නොලැබෙන විට බිරිඳක අයුරින් නොලැබෙන විට,හිස් තැන් ඇතිවීම සාමාන්‍ය දෙයකි.
මා සාවිත්‍රී කිවිඳයගේ මෙවන් කවි කීපයක් උපුටාගත්තේ රසිකත්වයෙනි.
කිවයුත්ත නම්
-කිවිඳිය නැවුම් අනුභූතින් සොයා යා යුතුය
-පොහොසත් නිරීක්ෂණ සොයා යා යුතුය
යන්නයි.
විශ්වයම තරණය කළද,කවිය පොළොවේ අතුරා තැබිය හැක.කිවිඳියට එය කළ හැකි බව මා තෝරා නොගත් ඉහළ නැගි ඇගේ කවිවල දක්නට ලැබීම සතුටකි.
ඒ සඳහා උදාහරණ ලෙස මේ පුංචි වුවද
ඈතට දිවෙන කවිය උපුටා.තබමි.
එසේ වූවා නම්
.පෙරළෙන ගලක් වූවා නම් පාසි නැතී
මට මේ මතක ගං පතුළෙම හෙළනු හැකී
තව තව රවුම් වී දිය හා එකට ගැටී
එන එන අලුත් වතුරෙන් පෙම් කෙළිනු හැකී
සාවිත්‍රී කිවිඳියට සාහිත්‍ය ගමනෙහි දිගු සැරියකට වාසනාව ලැබෙිවා යි පතමි.