මන්ත්‍රීවරයෙක්ගෙ වටිනාකම මිලියන 10යි, අපේ වටිනාකම ලක්ෂ 2යි

පසුගිය මැයි 9 දා මරණයට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ පවුලේ අයට රුපියල් මිලියන 10ක වන්දියක් ලබාදීමට කැබිනට්ටුව තීරණය කර තිබේ.

එම කාරණය අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරමින් වැඩිදුරටත් සදහන් කළේ එතෙක් මිලියන 5 ක්ව පැවති වන්දි මුදල මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් මිලියන 10 ක් දක්වා වැඩි කිරීමට තීරණය කරන ලද බවයි.

ඒ අතරම පසුගිය කාලය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවල බලහත්කාරී අතුරුදහන්වීම්වලට ලක්වූ අයගේ පවුල් සදහා රුපියල් ලක්ෂ 2 බැගින් වන්දියක් ලබාදීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

රටේ සියලුම පුරවැසියන්ගේ ජීවිත සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් පවතී. එම වගකීම සියලු ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින සමාන වගකීමක් බව මගේ අදහසයි. එය පාර්ලිමේන්තු මත්‍රීවරයෙකුගේ ජීවිතය සම්බන්ධයෙන් පමණක් නොව මැයි 9 දා ගාලුමුවදොර විරෝධතා භූමියේදී මැර ප්‍රහාරයට ලක්වූවන් වෙතද සමානව පවතින වගකීමකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අහිමිවීමේ පාඩුව රුපියල් මිලියන 10 ටත් සාමාන්‍ය පුරවැසියකු අහිමිවීමේ පාඩුව රුපියල් ලක්ෂ 2 ටත් තක්සේරු කරන කැබිනට් මණ්ඩලය එසේ කරන්නෙ කෙසේද යන්න දැනගැනීමට මම ඉතා උනන්දුවෙන් පසුවෙමි. ඒ සදහා යොදාගන්නා නිර්ණායක මොනවාද යන්න දැනගැනීමටද කැමැත්තෙන් පසු වෙමි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්