ගෝලීය උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් අංශක 1.5 සීමාව පසුකිරීමේ සුදානමක් ගැන අනතුරු ඇඟවීම්

අධික ලෙස උණුසුම් වෙමින් පවතින අපගේ ලෝකය ඉදිරි වසර කිහිපය තුළ ප්‍රථම වරට ප්‍රධාන උෂ්ණත්ව සීමාවක් පසුකර යාමට ඉඩ ඇතැ යි විද්‍යාඥයෝ අනාවැකි පළ කර තිබේ.

පර්යේෂකයන් පවසන්නේ, 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය තුළ සෙල්සියස් අංශක 1.5ක් ලෙස පවතින ගෝලීය උෂ්ණත්ව මට්ටම පසු කර යාමට 66%ක සම්භාවිතාවක් පවතින බව ය.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන වායු විමෝචන සහ මෙම වසර අග දී ඇතිවිය හැකි එල් නිනෝ (El Niño) කාලගුණ රටාව හේතුවෙන් ඊට ඇති ඉඩකඩ ඉහළ යමින් පවතියි. එල් නිනෝ යනු, පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇති වන ක්‍රියාවලියකි.

එම මට්ටමට පැමිණීමෙන් අදහස් කරන්නේ, කාර්මීකරණය හේතුවෙන් ෆොසිල ඉන්ධන විමෝචනය සැබවින් ම ඉහළ යාමට පෙර, එනම්, 19 වන සියවසේ දෙවන භාගයේ දී ලෝකයේ පැවති උෂ්ණත්වයට වඩා ලෝකයේ දැන් පවතින සෙල්සියස් අංශක 1.5කින් ඉහළ බව ය.

වසරක කාලයකට හෝ එම සීමාව ඉක්මවා යාම යනු, උණුසුම්වීම ඉහළ යාමක් මිස එහි මන්දගාමීවීමක් නොපෙන්වන කණගාටුදායක සංඥාවකි.

සෙල්සියස් අංශක 1.5 යන අගය ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාවල සංකේතයක් බවට පත්ව ඇත. 2015 වසරේ පැරිස් ගිවිසුම යටතේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා ඉහළ යාම සීමා කිරීමට “ප්‍රයත්නයන් ගැනීමට” රටවල් එකඟ විය. නමුත් එය කොතරම් දුරට සාර්ථක වීද යන්න ප්‍රශ්නයක් ලෙස පවතියි.

දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් විශ්වාස කළේ, ලෝකය සෙල්සියස් අංශක දෙකකින් පමණ උණුසුම් වුවහොත් එය භයානක බලපෑම්වල ඇති වීමේ ආරම්භය වනු ඇති බව ය – නමුත් 2018 වසරේ දී ඔවුන් විසින් මෙම ඇස්තමේන්තුව සැලකිය යුතු ලෙස සංශෝධනය කරන ලද අතර, සෙල්සියස් අංශක 1.5 ඉක්මවා යාම ලෝකයට විපත් ගෙන දෙන බව පෙන්වී ය.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...