Breaking News

අද එක ගෙයි කෑම බැරි ඇයි ? එක ගෙයි කෑම රහ නැද්ද ?

YOUTH FOR CHEnge

මේ ගීතය හා රූප රචනය 2016 අවුරුද්දේ තමා YOU TUBE වෙත මුදා හැරලා තිබුනේ. ගායනය බුද්ධික සඳරුවන් හෙට්ටිආරච්චි,පද රචනය විජයපාල කුමාරසිංහ සංගීතය ලසන්ත රත්නායක

මේ ගීතයේ තේමාව තමයි එක ගෙයි කෑම. මේ කියන්නේ විශේෂයෙන් උඩරට ප්‍රදේශයේ තිබුණ විවාහ සම්ප්‍රදායක් ගැන. ඒ කියන්නේ එකම පවුලේ සහෝදරවරු ඔක්කොටම එක කාන්තාවක් විවාහ කරගැනීම. දැන් මෙහෙම නැති උනාට දැන් මෙහෙම උනොත් එක මහා අශිලාචාර කමක් විදියට සලකන දෙයක් උනාට මෙහෙම විවාහ සම්ප්‍රදායක් අපේ රටෙත් තිබුනා.

එහෙනම් ඒක දැන් අශිලාචාර වෙලා කලින් පැවතුනේ කොහොමද? මේක නිකන් සරලව ගන්න එපා. චිත්‍රපටිවල තියන නිසා අයියා මල්ලි දෙන්නම් ආදරය කරපු ගැහැණු ළමයෙක් ඉඳලා බන්දලා දෙනවා නෙවෙයි මේ.

එහෙනම් මෙහෙම සම්ප්‍රදායක් හැදුනේ කොහොමද?

ඔව් මෙහෙමයි මුල්ම සමාජ ක්‍රම වල මුලිකම අවශ්‍යතාව වුනේ වර්ගයා බෝ කරගන්න ඒක. ඒ නිසාම අනිත් හැමදේම වගේම ලිංගික කටයුතු පැවතුනෙත් සාමුහිකව. ලිංගික සම්බන්දකම් තිබුනෙත්, ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් විදියට දරුවාගේ අම්ම තමයි හඳුනාගන්න පුළුවන් කෙනා. ඒ නිසා තිබුනේ මාතෘ මුලික වුන සමාජයක්. හැබැයි කාලයක් යද්දී ලේ නෑදෑයෝ අතර ලිංගික සම්බන්ධ කම් වලින් බිහිවෙන දරුවන්ගේ ඇතැම් දුබල ලක්ෂණ මතු වුනා නිසා ඒ නිසා ලිංගික සම්බන්දකම් වලට සීමා දාගන්න වුනා. අන්තිමට සංසර්ගයේ යෙදෙන පිරිස් අතරින් විශේෂත්වයක් දැනෙන වැඩි තෘප්තියක් ලැබෙන කෙනා එක්ක ගත කරන්න වැඩි කැමැත්තක් දක්වන්න මිනිස්සු යොමු වුනා. ජීව විද්‍යාත්මක වුවමනාවක ඉදලා සමාජ විද්‍යාත්මක විදියට මානව සම්බන්දතාව ගොඩනැගෙන්නේ එහෙම.

හැබැයි සම්බන්දතා විතරක් නෙවෙයි සමාජෙත් වෙනස් වුනා. ආයුධ දියුණු වුනා. නිෂ්පාදනය වැඩි වුනා. උපකරණ අයිතිඅය තම තමන්ටත් තව වැඩිපුරත් නිෂ්පාදනයක් කළා. පෞද්ගලික දේපලක් හැදුනා. මේ පෞද්ගලික දේපල තමන්ගේ පවරන්න කෙනෙක් ඕන නිසා තෝරගත්ත එක් කෙනෙක් එක්ක ලිංගික සම්බන්දකම් පවත්වන්න පටන් ගත්තා. දේපල වල අයිතිකාරයා පිරිමියා වීමත් එක්ක පිතෘ මුලික සමාජයක් හැදුනා .

එහෙනම් එක්කෙනෙක්ට විතරක් ආදරය කරන්න ඕන කසාද බඳින්න ඕන කියන කතාව ආවේ ආදරය නිසා නෙවෙයි. දේපල සම්බන්දයත් එක්ක.

එතකොට එකගෙයි කෑම ?

ඔව් එකත් දේපල සම්බන්ද කතාවක් තමයි. එක පවුලක තිබුන ඉඩම් සහෝදර වරු අතර බෙදිලා අපහු දරුවෝ අතරත් බෙදිලා යන එක නවත්තන්න යොදා ගත්ත ක්‍රමය තමයි. එක පවුලක සහෝදරයෝ කීප දෙනක් එක කාන්තවක් විවාහ කරගත්තා. එකෙන් දේපල බෙදිලා යන එක නතර වුනා.

ඉතින් පෞද්ගලික දේපල ආරම්භ වුනාට පස්සේ තමයි මේ සම්බන්ද කම් දේශපාලනික වෙන්න පටන ගත්තේ. අද එක ගෙයි කෑම නම් නැහැ . හැබැයි මංගල දැන්වීම තීරයක් අරන් නිකමට බලන්න මිනිස්සුන්ගේ සම්බන්දකම් තීරණය කරන්නේ දේපල වලින් නෙවෙයිද කියලා.

ඒ නිසාම කාන්තාවත් පිරිමියාගේ දේපල වල ඊළඟ උරුමක්කාරය හදන(තමාගේම දරුවෙක්) පිරිමියාගේ තවත් පෞද්ගලික දේපලක් බවට පත් වුනේ. ඒ නිසාමයි කන්‍යාභවය පරීක්ෂා කරනන් මධු සමයට සුදු රෙදි අරන් යන, කන්‍යා භාවය කාන්තාවගේ පරිශුදත්වය මනින දෙයක් බවට පත් වෙලා තියෙන්නේ.

ඉතින් එහෙම වෙන එක අවුල් නේද? එහෙනම් දේපල වෙනුවට ඇත්ත මානව සම්බන්දතා කොහොමද සමාජට ගේන්නේ කියලත් අපි වෙලාවක කතා කරමු.

අද මේ ගීතය රස විඳින්න .

උපුටා ගැනීම YOUTH FOR CHEnge පිටුවෙන්

leave a reply