Breaking News

පාසල් යාමට නොහැකිව ඇති ලෝක දරුවන්ගෙන් අඩකට අනතර්ජාල පහසුකම් නැහැ – UNICEF

‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් පාසල් යෑමට නොහැකි වී ඇති දරුවන්ගෙන් අඩකගේ එනම් මිලියන 826දෙනකුගේ නිවාසවල පරිගණකයක් නැතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනාවරණය කරයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ පාසල් යෑමට නොහැකි වී ඇති දරුවන්ගේ ගණන බිලියන 1.5කි. ඉන් සියයට 43කගේ එනම් දරුවන් මිලියන 706කගේ නිවෙස්වල අන්තර්ජාල පහසුකම් නැතැයි ද එම අරමුදල පෙන්වාදෙයි.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව රටවල් සහ ආණ්ඩු ගෙන ඇති ‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ ක්‍රියාමාර්ග ඇතුළු දැඩි සීමා හේතුවෙන් රටවල් 191 පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන වසා දමා ඇත. මේ හේතුවෙන් ලොවපුරා ප්‍රාථමික සිට තෘතිය අධ්‍යාපනය දක්වා, විවිධ මට්ටම්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් බිලියන 1.5කට බලපෑම් එල්ල වී ඇත.

පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන වසා දැමීම හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීමට ලොවපුරා පාසල්, අධ්‍යාපන ආයතන සහ ගුරුවරු පියවර ගෙන ඇත.

සිසුන්ට දිගින් දිගටම අධ්‍යාපනය ලබාදීම ලොව රටවල් බොහෝමයක් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. අන්තර්ජාලය ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය ලබාදීමේ අනුගමනය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික අරමුදල (යුනෙස්කෝ) හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ‘සංඛ්‍යාදත්ත සහ ජාත්‍යන්තර විදුලි සංදේශය සංගමය සඳහා වූ ආයතනයේ’ සංඛ්‍යා දත්ත පදනම් කරගනිමින් ‘ගුරු කාර්ය සාධක බලකාය’ ඉහත සංඛ්‍යා දත්ත සම්පාදනය කර ඇත. ‘ගුරු කාර්ය සාධක බලකාය’ යනු යුනෙස්කෝ සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ක්‍රියාත්මක සංවිධානයකි.

අඩු ආදායම් ලබන උප සහරානු අප්‍රිකා කාලයේ මේ තත්ත්වය තවත් බරපතළ යැයි ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි. එම කලාපයේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගෙන් සියයට 89 දෙනකුගේ නිවාසවල පරිගණයක් නැති බවත් සියයට 82 කට අන්තර්ජාල පහසුකම් නැති බවත් අනාවරණය වී ඇත.

ජංගම දුරකතනවලින් තොරතුරුවලට ප්‍රවේශ වීමට, ගුරුවරුන් සහ අනෙකුත් අය සමඟ සම්බන්ධ වීමට හැකි වුවද දරුවන්ගෙන් මිලියන 56ක් ජීවත්වන්නේ කිසිදු ජංගම දුරකතන ජාලයක් හෝ සේවාවක් හෝ නැති ප්‍රදේශවලය. එයින් අඩක් වාර්තා වන්නේ උප සහරානු අප්‍රිකානු කලාපයෙනි.

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ප්‍රාථමික සහ ද්වීතීය අංශවල ගුරුවරුන් මිලියන 63කට බලපෑම් එල්ල වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි.

‘ලංකාදීප’ ඇසුරුණි

leave a reply