අරගලයට පහරදුන් 31කට එරෙහිව අධිචෝදනා

Date:

2022 මැයි මස 09 වැනිදා ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා ගොනුකිරීමට කටයුතු කරන බව, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ට එරෙහිව ළඟදීම අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත්ය.

රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ භූමියේ සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් සහ ජල ප්‍රහාරක රථ තිබුණද, ඒවා නිසි ලෙස ක්‍රියාවේ යෙදවීමක් සිදු නොවූ බව පෙන්වා දී ඇත.

ඒ අනුව, එම කටයුතු පැහැර හැරීම සම්බන්ධයෙන් එවක භූමියේ සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියා වන එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් වී තිබේ.

මෙම පෙත්සම් කැඳවනු ලැබුවේ, ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් පොලිසිය ඇතුළු වගඋත්තරකරුවන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක් ඉල්ලා අරගලකරුවන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක් සලකා බැලීමේදීයි.

සැකකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට අපේක්ෂිත බව රජයේ නීතිඥවරයා අගවිනිසුරුවරයාට දැනුම් දී ඇත.

වගඋත්තරකරු දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු, තම සේවාදායකයාට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කරන අවස්ථාවේ මෙම පෙත්සම විභාගයට ගන්නේ නම් අගතියක් සිදුවන බව පෙන්වා දුන් අතර, අපරාධ නඩු කටයුතු සිදුවන ආකාරය විමසීමෙන් පසුව පෙත්සම් සලකා බැලීම සුදුසු බවට යෝජනා කළා.

එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව අපරාධ නඩු ගොනු කිරීමක් සිදු නොවන බැවින්, ඔවුන්ට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වාගෙන නොයාමට පාර්ශ්වකරුවන් එකඟ වී ඇත.

පෙත්සම් විභාගය සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබා තිබේ.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...