අපේ සල්ලි වලින් අපිට කෙළවීම

ඊයේ මර්දනයට එරෙහි ඒකාබද්ධ විරෝධතාවය අවස්ථාවේ මාර්ගය අවහිර කරමින් විශාල පොලිස් නිලධාරීන් පිරිසක් රඳවා සිටීම පිළිබඳ සමාජ මාධ්‍ය හරහා කතා බහක් ඇතිව තිබේ. මෙහිදී ඇතැම් පිරිස් තම පොලීසිය සම්බන්ධයෙන් තම පෞද්ගලික අත්දැකීම් විස්තර කරමින් පවසා ඇත්තේ පොලීසියේ සාමාන්‍ය රාජකාරි කටයුතු ඉටු කිරීමට අදාළව මැදිහත්විමේදී ප්‍රතිපාදන නොමැතිවීම ගැන මැසිවිලි නගන පොලීසිය සාමකාමී විරෝධතවාක් අවහිර කිරීම සඳහා කෙතරම් ජනතා මුදල් නාස්ති කර ඇතිද යන්නයි.

එසේම පසුගියදා වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් තංගල්ලේ සිට කොළඹ රැගෙන පැමිණ නැවත තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන නොගියේ ඇයිද යන්න ප්‍රශ්න කිරීමේදී ද එම ඒකකයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරේ නැවත රැගෙන යාමට ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ බවයි.

අනෙකුත් රජයේ ආයතනවලට මෙන්ම පොලිසිය සඳහා ප්‍රතිපාදන වෙන්වන්නේ ජනතාවගේ බදු මුදල් වලිනි. මෙවර අයවැයෙන් රාජ්‍ය වියදමෙන් වැඩිම මුදලක් වෙන් කරනු ලැබුවේ ආරක්ෂක වියදම් සඳහායි. එසේ තිබියදී පොලීසිය විසින් සිදුකළ යුතු සාමාන්‍ය රාජකාරි පසෙක තබියදී දැන් ඔවුන් විසින් සිදුකරමින් සිටින්නේ ජනතා බදු මුදලින් ජනතාවම මර්දනය කිරීමේ රාජකාරිය පමණි.

 

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...