Breaking News

මුහුණු පොතේ කප්පම් ගන්නා කල්ලියක් පිලිබඳව හෙළි වෙයි

නෙත්මි පෙරේරා

ප්‍රසිද්ධ පුද්ගලයන් සමග මුහුණු පොත හරහා සම්බන්ධවී ඔවුන් පිලිබඳව අපහාසාත්මක  අසත්‍ය තොරතුරු මුහුණු පොතේ පළ කරන බවට තර්ජනය කොට ඔවුන් ගෙන් මුදල් ලබා ගන්නා කල්ලියක් පිලිබඳ වාර්තා වෙයි. කුප්‍රකට කණ්ඩායමක් විසින් මෙහෙයවන මෙම කල්ලියට අගමන විගමන නීති උලංඝණය කරමින් නීති විරෝධීව ඇමරිකාවේ රැඳී සිටින   කාන්තාවක් , ජර්මනියේ සිටින කාන්තාවක්  මෙන්ම  ලංකාවේ සිටින නීතීඥයෙක්  ඇතුලු පිරිසක්   සිටින අතර ඔවුන් විසින් මෙම අපරාධ කල්ලිය මෙහෙයවති. මොවුන් විසින් වරින් වර පුද්ගලයන් බිය වද්දා රුපියල් ලක්‍ෂ ගනනින් මුදල් ලබාගෙන තිබේ.  රටවල් කීපයක සිට සංවිධානාත්මක ශ්‍රී ලාංකික කල්ලියක් විසින් සිදු කරන මෙම ක්‍රියාව නිසා මොවුන් ගේ අතවරයට අසුවූ බොහෝ දෙනෙකුට කප්පම් කරුවන් නීතිය ඉදිරියට ගෙන යාමට නොහැකි වී ඇත.

මෙම සාපරාධී කප්පම් කල්ලියේ අතවරයට ලක්වූ ප්‍රන්සයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් ප්‍රකාශ කලේ පරිගණක ප්‍රති නිර්මාණය හරහා නිරුවත් රූප බද්ධ කරමින් ඇයගේ චායාරූප අන්තර්ජාලයට මුදා හැරීමට කල තර්ජනය නිසා ඇය අදාල කප්පම කප්පම් කරුවන්ට ගෙවූ බවය. තවත් ප්‍රකට පුද්ගලයෙකු පැවසුවේ ඔහු පිලිබඳ අපහාසාත්මක තොරතුරු මුහුණු පොතේ සංසරණය කරවන බවට කල තර්ජනය නිසා ඔහු කප්පම්කරුවන්ට වෙස්ටන් යූනියන් හරහා රුපියල් ලක්‍ෂ තුනක මුදලක් ගෙවූ බවය.
මෙම සංවිධානාත්මක කප්පම් වෙනුවෙන් සේවය ලබා දෙන පරිගණක තාක්‍ෂණික ශිල්පීන් පිරිසක් සිටිති. වාර්තා වන පරිදි මෙම කප්පම් කල්ලියේ එක් සැකකරුවෙකු කොලඹ අමානා බැංකුවේ සේවය කරන අතර අමානා බැංකුවේ පරිගණක යොදා ගනිමින් කප්පම් මෙහෙයවුම් සිදු කොට තිබේ. ඔහු පිලිබඳව මේ වන විට අමානා බැංකුවේ ෆර්හාන් රිෆයි මහතා විසින් විමර්ශණය කරයි.  තවත් සැකකරුවෙකු කොලඹ බාන්ස් පෙදෙසේ Neo@Ogilvy (Pvt) Ltd ආයතනයේ සේවය කරන අතර Neo
@Ogilvy  ආයතනයේ පරිගණක යොදාගෙන මෙම නීති විරෝධී ක්‍රියා සිදු කර  ඇත.   ඔහු පිලිබඳව  එම ආයතනයේ  අමිත අමරසිංහ මහතාට දැණුම් දීමට කටයුතු යොදා තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙම සාපරාධී කප්පම් කල්ලිය පිලිබඳව පැමිණිලි අංක   158cccdd1V420050266   යටතේ පරීක්‍ෂණ සිදු කරන අතර මෙම කප්පම් කල්ලිය විසින් විවිධ රටවල සිට වින්දිතයන් ඉලක්ක කර ගෙන පරිගණක අපරාධ සිදු කොට ඇති නිසා පරීක්‍ෂණ කටයුතු වලදී විවිධ දුෂ්කරතා මතුවී තිබේ. නමුත් විමර්ශණය දිගටම සිදු වන බව පොලිසිය පවසයි.  2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත අනුව සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත ප්‍රකාරව අන්තර්ජාලය හරහා කප්පම් ඉල්ලිම සිර දඞුවම් ලැබිය හැකි වරදකි.  මෙම කප්පම්කරුවන් ගේ අතවරයට පත්වූ අය වෙතොත් අපරාධ පරික්‍ෂණ දෙපර්තමේන්තුවට දැණුම් දෙන ලෙසට  ශ්‍රී ලංකා පොලිසිය වින්දිතයන් ගෙන් ඉල්ලා සිටියි.

leave a reply