ගාලුමුවදොර අරගලය ජනතාවට ජයග්‍රහණ අත්කර දුන් අරගලයක්

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනතා අරගලය ආරම්භ කර හෙටට දින 50ක් වෙනවා. මේ අරගලය ආරම්භ කරපු මුල් ආරම්භකයන් පවා අරගලය මෙපමණ දුර යාවි කියා හිතන්න නැතුව ඇති. ගාලුමුවදොර අරගලය නැවුම් අත්දැකීමක් සමාජයට එක් කරමින් අලුත් අරගල විධික්‍රම පාවිච්චි කරමින් අඛණ්ඩව එහි ජවය පවත්වාගෙන යමින් එය නොකඩවා ඉදිරියට ගෙන යන්නට කැප වෙච්ච ගිහි, පැවිදි, තරුණ, මහලු, වැඩිහිටි පිරිසක් එම ස්ථානයේම ලැගුම්ගෙන ඉන්නවා. එසේ ඔවුන් එම භූමියේ අරක්ගෙන සිටින්නේ පෞද්ගලික අරමුණක් ඉෂ්ට කරගැනීම සඳහා නෙවෙයි පොදු අරමුණක් වෙනුවෙන්. මේ අරගලයේ තියෙන විශිෂ්ටත්වය ම තමයි මස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අරගලය ආරක්ෂා කරන්න පිරිසක් සියල්ල කැප කර සිටීම.

දශක දෙක තුනක් පවතින්නට කල්පනා කරමින් පැමිණි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුව හොල්ලන්න, පෙරලන්න, ජනතාවට ජයග්‍රහණ අත්කර දෙන්න ගෝල්ෆේස් අරගලය සමත් වෙලා තියෙනවා. ගාලුමුවදොර අරගල භූමිය හෙට දින 50 වෙත ළඟා වෙන්නේ ජනතාවට ජයග්‍රහණ අත්කර දුන් අභිමානයෙන් සහ වදුරටත් ජනතාවට ජයග්‍රහණ අත්කර දෙන්නට දැවැන්ත ශක්තියක් හෙට දිනයේදීත් ඒකරාශී කරගනිමින් කියන එක අපිට විශ්වාසයි. අරගලය කෙරෙහි විශ්වාසය තබමින් ආරම්භයේ සිට අද දක්වාම නොකඩවාම අරගලයට ශක්තිය දෙන youth for change සංවිධානයේ ජාතික කමිටු සාමාජික ලහිරු වීරසේකර සමඟ අප කළ සංවාදය පහත පළවේ

 

Share post:

Popular

වෙනත් පුවත්

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...