කොවිඩ් වැළඳී මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට ගත් තීරණය, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධව ගෙන තිබෙන තීරණය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වුණේ එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයාය .




