මේ වසන්තය ගෙවී යන්නට ලඟයි

මේ වසන්තය ගෙවී යන්නට ලඟයි
නුඹ පිපී හිනැහුනේ අවසාන දවසකයි
ප්‍රේමයක් හදවතක දළුලා වැඩෙන්නේ භද්‍ර යෞවනය තුල පමණක් නොවන බව මේ අපුර්වතම පද රචනය තුල විහිදී ඇත. බොහෝ අයගේ ජීවිතයේ සැදෑසමය යනු ආදරය ගිලිහෙන, කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය නොවන විශේෂිත වූ කාල පරිච්චේධයකි. තම යොවුන් වියේදී මතුවන බාහිර ප්‍රශ්න සමග තම තමන්ගේ පෙම් කතා පරාජයෙන් කෙලවර වන අවස්තාවන් එමටය. එහෙත් සිතක ජනිත වන සෙනෙහසක් පරාජය කිරීමට හෝ මරා දැමීමට වැට කඩොලු බැඳීමෙන් පලක් නොවන බව අපට මෙහි පදරචකයා වන බණ්ඩාර බෙලිකැටිමුල්ල සෞන්දර්යාත්මක විවරණයක නිරත වේ.

ජීවිතයේ වසන්තය අග හමුවන දෙහදකට සිහින නැතුවාම නොවේ. අඳුරුවූ දෑසින් වුවද ඔහු දකින්නට උත්සහ ගන්නේ ඇයගේ රුවයි. වාරු නැති දෑතින් උවද අත්වැල් පටලා ගෙන අනන්තය තෙක් ඇවිද යන්නට තරම් ඔහු හිතින් තරුණය. ඉදුණු හිසකේ ඔච්චමට සිනා සෙන විට සසර මතකය වියපත් දෑස් කඳුලින් තෙත් කරයි. එහෙත් කාලය විසින් සියල්ලම උඩු යටිකුරු කර ඇත. වසන්තයේ අග පිපුණු කුසුමක සුවඳ විඳින අපුර්වතම පෙම් පුවතක් රැගෙන එන මේ ගීතය ලයාන්විතව හිත කිරී ගැසෙන්නට ගයන්නේ කරුණාරත්න දිවුල්ගනේය ..සංගීතයෙන් ඉතා මනරම් නාද රටා මවමින් ගීතයට උපරිම සාධාරණයක් ගෙනවිත් ඇත්තේ දර්ශන වික්‍රමතුංගයි…..

මේ වසන්තය ගෙවී යන්නට ලඟයි
නුඹ පිපී හිනැහුනේ අවසාන දවසකයි
හිඳුනු ජීවිත පතුල හාරා
නුඹට දෙන්නට සෙනෙහෙ දිය බිඳුවක්
සොයමි මම තවමත්……

පෙමට සරි වුන බැලුම් ඇතිමුත්
බලනු කෙලෙසද අඳුරුවූ දෑසින්
යනෙනු බැ නුඹෙ දෑත අරගෙන
නොවේ කාලය නුඹ සිතන මනරම්..

කියූවද නුඹ ජීවිතේ ගැන
මිහිරි සැමරුම්හුරු සසර මතකෙන්
නොවී ඉනුමැන මගේ සොඳුරිය
ඉදුනු හිසකේ සිනාසේ රහසින්….
මේ වසන්තය ගෙවී යන්නට ලඟයි
නුඹ පිපී හිනැහුනේ අවසාන දවසකයි
හිඳුනු ජීවිත පතුල හාරා
නුඹට දෙන්නට සෙනෙහෙ දිය බිඳුවක් සොයමි මම තවමත්…..

ගායනය……කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය……දර්ශන වික්‍රමතුංග
පදරචනය….බණ්ඩාර බෙලිකැටිමුල්ල

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...