කොරෝනා අවදානම පහව යනතුරු ඡන්ද එපා! සමාජ ජාල විරෝධතාවයක්

සෞඛ්‍ය අංශවල විරෝධය නොතකා ආණ්ඩුව විසින් ඇඳිරි නීති ලිහිල් කිරීමට එරෙහිව තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා විරෝධතාවයක් (viral campaign) ආරම්භ කර තිබේ. එම විරෝධතාවයේ ප්‍රධාන සටන් පාඨයක් වන්නේ කොරෝනා අවදානම පහව යනතුරු ඡන්ද නොපවත්වන ලෙසයි. ඔවුන් ඡායාරූපය සමඟ බෙදාගන්නා සටහනින් පවසා ඇත්තේ මෙලෙස ඇඳිරි නීතිය ඉවත් කිරීමට හේතුව ජනතාව අපහසුතාවයට පත්වීම නොව මැතිවරණයක් පවත්වා බලයට පැමිණීමට ඇති කෑදර කම නිසා බවයි. එසේම බලය වෙනුවෙන් ජනතාවගේ ජීවිත අනතුරේ හෙළීමට එරෙහිව එක්ව හඬ නගන ලෙස එම තරුණ තරුණියන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සමාජ මාධ්‍ය විරෝධතාවයේ සම්පූර්ණ සටහන පහත දැක්වේ

“මේ ර⁣ටෙන් පලවෙනි කො⁣⁣රෝනා අසාධිතයා හොයා ගන්නේ මාර්තු 11.එතකොටත් ආණ්ඩුව විසුරවලා. හැබැයි ජනාධිපතිනිට ඕන නම් විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අවලංගු කරලා පාර්ලිමේන්තුව කැඳවන්න තිබුනා. නමුත් නාම යෝජනා දිනෙත්(මාර්තු 19) පහු වෙලා තමයි ඇඳිරි නීතිය දැම්මේ. ඒකත් සමාජ මාධ්‍ය වලින් විරෝධයක් ආපු නිසා. රෝගීන් 28 ක් වාර්තා වුනාට රට වහන්න බෑ කියලා තමයි ජනාධිපති කිව්වේ.

දැන් අවදානම තවමත් තියනවා කියලා සෞඛ්‍ය අංශ කියද්දි ඇදිරි නීති ඉවත් කරනවා. ඒ ජනතාව අපහසුතාවට පත් වෙලා නිසා නෙවෙයි. ඡන්දේ තියලා බලට ගන්න ඕන නිසා. බලය වෙනුවෙන් අපේ ජීවිත අනතුරේ හෙලීමට එරෙහි වෙමු!!!එක්ව හඩ නඟමු!”

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...