Breaking News

ඉතාලියේ කොරෝනා මැඩලීමේ පලමු අධියර සාර්ථකද? දෙවන තෙවන අධියරයන්ට යෝජනා

තීමස් විජිත්

ඉතාලියේ දෙවන පියවර අර්බුදයක?

ආයතන 65000ක් අවසරයකින් තොරව ක‍්‍රියාත්මකයි.
මධ්‍යම ආණ්ඩුව වහාම ඒ ගැන පරීක්ෂණ කරන්නැයි අදාල ආයතන වලට නියෝග කරයි.
වැඩිහිටි නිවාස වල මරණ සංඛ්‍යාව ඉහල යාම සම්බන්ද වගකීම සෙවීමට වෙනම පරීක්ෂණ කැඳවයි.
අප්‍රේල් 14 න් පසු ජනයාගේ එහා මෙහා යාම් වල වැඩිවීමක්? එය රෝගය පැතිරීමට කෙසේ බලපායිද?
යුරෝපා ආධාර පිළිබඳව ඉතාලියේ දේශපාලන පක්ෂ අතර මත ගැටුම්.

අප්‍රේල් 14 දිනෙන් අවසන් වූ ඉතාලියේ කොරෝනා ආපදා තත්වයට අදාල පලමු පියවර සමග අප ඉහතින් දැක්වූ තත්වය නිර්මාණය වී ඇත. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳව සහ ආර්ථිකය යළි නගා සිටුවීමට අදාල නව යෝජනා සහ උපදෙස් සඳහා විද්වත් කණ්ඩායම් දෙකක් පත් කල අතර ඒ පිළිබඳ විවිධ මත ගැටුම් තුලින් වුවත් දෙවන හා තෙවන පියවරයන් පිළිබඳ සාකච්ඡුාවක් ගොඩනැගී ඇත.

Task force වැඩ අරඹයි
ඉතාලි රජයේ නියෝජිතයින්ල (task force guidata da Vittorio Colao) විශේෂ නියෝජිත කණ්ඩායම හා සමාජ ක‍්‍රියාකාරිකයින් සමග ඊයේ දිනයේ දී සිදුකළ සාකච්ඡුාව තුළින් කොරෝනා ආපදාතත්වය පිළිබඳ යෝජිත ඉදිරි පියවරයන් සාකච්ඡුා විය. එහිදී පියවර 3ක් යටතේ කටයුතු කිරීමටත් ඉතාලිය උතුර මධ්‍යම හා දකුණ ලෙස කොටස් 3කට වෙන්කර අවධානය යොමුකල යුතු බවටද ඔවුන් යෝජනා කරයි. සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද අනුගමනය කිරීමේදී මෙන්ම ආර්ථික කටයුතු යළි ඇරඹීමේදීද ඒ ඒ කලාප වල පවතින තත්වයන්හි වෙනස්කම් සහ අවශ්‍යතාවයන් සලකා බලා කටයුතු කිරීම සුදුසු බවට යෝජනා කර සිටී.

අප්‍රේල් 14 පලමු පියවර අවසන්?

මේ වනවිට පළමු පියවර අවසන් කරමින් අප්‍රේල් 14 වන දින සිට පොත් සාප්පු සහ ලිපිද‍්‍රව්‍ය සාප්පු විවෘත කිරීමට අවසර ලබාදී ඇත.
අපේ‍්‍රල් 18 සිට කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ ආයතන විවෘත කිරීමට අවසර ලබා දීම.

දෙවන පියවර මැයි 4 දින සිට? – දෙවන පියවර සඳහා යෝජිත කාරණා

දෙවන පියවර ආරම්භ වන්නේ මැයි මස 4 වැනි දින සිටයි.
මැයි 4 වෙනි දින සිට මෙතෙක් පණවා තිබූ ගමන් තහනම් ඉවතට. එහෙත් මුඛ ආවරණ සහ සෞඛ්‍ය ආරක්ෂක දුර ප‍්‍රමාණය පවත්වා ගැනීම අනිවාර්යවේ.

මැයි 4 වෙනි දින සිට රෙදි සහ ඇඳුම් වෙළඳසැල්, ගෘහ භාණ්ඩ වෙළඳසැල් විවෘත කිරීම. එහිදී ඇතුල්වීම සීමා සහිතව සිදු කිරීම.
මැයි 11 වැනි දින සිට උසාවි සහ වෘත්තීමය කාර්යාල විවෘත කිරීමට අවසර ලබාදීම.

මැයි 18 සිට බාර් සහ රෙස්ටෝරන්ට් ඇතුළු අනෙකුත් ආපනශාලා විවෘත කිරීම. ආරක්ෂිත දුර රැුකෙන ආකාරයට.
මැයි 25 වැනි දින සිට බාබර් සාප්පු සහ මෝස්තර සාප්පු විවෘත කිරීමට අවසර දීම. ඇතුල්වීම එක් අයකුට පමණක් සීමා වන අතර මුඛ ආවරණ අනිවාර්යවේ.

මැයි 31 දින සිට පාපන්දු සහ වෙනත් කණ්ඩායම් ක‍්‍රීඩා ආරම්භ කිරීමට අවසර ලබා දීම.

ජූනි 8 දින සිට ක‍්‍රීඩාගාර විවෘත කිරීමට අවසර ලබාදීම. මෙහිදී තනි තනි පුද්ගලයින් ලෙස හෝ කුඩා කණ්ඩායම් ලෙස කටයුතු කිරීම අනිවාර්ය වේ.

තුන්වන පියවර සැප්තැම්බර් මාසයේදී?

සැප්තැම්බර් මාසයේදී සුපිරියෝරෙ (උසස්) පාසල් කොන්දේසි සහිතව විවෘත කිරීම. සහ මතෙර්නෙ (සාමාන්‍ය පෙල දක්වා* පාසල් සහ එලිමෙන්තාරි (ප‍්‍රාථමික) පාසල් පිළිබඳ තීරණ ගැනීම ඉදිරියට සිදු වනු ඇත.
සිනමා සහ නාට්‍ය ශාලා විවෘත කිරීම දෙසැම්බරයේ සිට සිදු වනු ඇත.
දිස්කොටෙක් සහ ක‍්‍රීඩාංගන මහජනයා සඳහා විවෘත වීම 2021 මාර්තු සිට සිදුවනු ඇත.
සියලූ සීමා කිරීම් සහ දේශ සීමා විවෘත කිරීම සිදුවනු ඇත්තේ 2021 මාර්තු 31 දිනෙන් පසුවයි.

ජන ජීවිත සාමාන්‍ය තත්වයට පත්වීම තව වසරකින්
ජන ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත්වීම පිළිබඳව ඔවුන් බලාපොරොත්තු වන්නේ 2021 primevera (වසන්ත කාලය* කාලයේ සිටයි. එනම් තව වසරකින් පසුවයි.

මේ වන විට පැවති සාකච්ඡුාවේදී යෝජිත කරුණු ඉදිරියේ සිදුවන වෙනස්කම් හා විවිධ බලපෑම් මත වෙනස්වීමේ හැකියාව ඇත.

තීමස් විජිත්

leave a reply