ටෙන්ඩරයට මුවා වී ආණ්ඩුව කරන්න යන වංචාවක සුල මුල

බ්‍රවුන්ස් එන්ජිනියරින් සමාගම අයිති කාට ද…?

2025 04 29 දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය මගින් ටෙන්ඩර් කැඳවීමක් සිදුකරලා තියනවා. E හැඳුනුම්පත එහෙම නැත්තං ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමෙන් පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල මේ හැඳුනුම්පත හඳුනාගැනිම සඳහා ඉඳිකරන යුනිට් එකක් සඳහා විදුලිය ලබාගනීමට අවශ්‍ය ප්ල්ග් බේස් එකක් ඉඳිකර ගැනීමට තමයි මේ ටෙන්ඩර් කැඳවීම කරලා තියෙන්නේ. ඒ සඳහා ඔවුන්: ප්ලග් අටක් තියෙන වයර් කෝඩ් එකක්, එය බිත්තියට සවි කිරීම සඳහා ප්ලග් ටොප් එකක් සහ ආවරණය කිරීම සඳහා ප්ලාස්ටික් බොක්ස් එකක් සහිත සම්පූර්ණ කට්ටළයක් තමයි ඇණවුම් කරලා තියෙන්නේ. ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල සඳහා මෙවැනි බොක්ස් 700ක් මේ ඕඩරයට ඇතුළත්.

අපිට තියන තොරතුරු අනුව මේ සඳහා ආයතන 8ක් ලංසු ඉදිරිපත් වුණා. මේ ආයතන රුපියල් 5890, රුපියල් 25,000, රුපියල් 83,000, රුපියල් 18,300 රුපියල් 72,517 වගේ විවිධ මිලගණන් මේ සඳහා ඉදිරිපත් කරලා තියනවා. සාමාන්‍ය ක්‍රියාවලිය අනුව මෙවැනි ටෙන්ඩර් කැඳවීමක දී අඩුම ලංසුව ඉදිරිපත් කරන හොඳම තැනට තමයි අදාළ ටෙන්ඩරය ලබා දෙන්නේ. නමුත් දැන් ආණ්ඩුව මේ ටෙන්ඩරය ලබාදීලා තියෙන්නේ රුපියල් 72,517ක ලංසුව ඉදිරිපත් කරපු බ්‍රවුන්ස් එනිජිනියරින් කියන සමාගමට.

මේ බ්‍රවුන්ස් එන්ජිනියරින් සමාගම අයිති පුද්ගලයා තමයි ඉෂාර නානායක්කාර. අපි දන්නවා ඔහු පහුගිය කාලේ මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයින් සමග බොහොම කිට්ටු සම්බන්ධතා පැවත්වුවා. අදාළ ටෙන්ඩරය අනුව රුපියල් 72,517 ගණනේ ප්ලග් බොක්ස් 700ක් සඳහා රුපියල් ලක්ෂ 507ක් ඉෂාර නානායක්කාරගේ සමාගමට ගෙවන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...