අපයෝජනයන්ට එරෙහිව රට පුරා විරෝධතා

ලංකාවේ කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන අපයෝජන හා ප්‍රචණ්ඩත්වයන්ට විරෝධය පළකරමින් සහ එහි ගොදුරුවූවන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද (මැයි 29) දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි. අනුරාධපුරයේ අටමස්ථානාධිපති භික්ෂුව විසින් ලිංගික අතවරයට ලක් කරන ලද දරුවාගේ සිදුවීම මුල් කරගෙන සමාජය තුළ මතුවී ඇති කතා බහේ තවත් ඉදිරි පියවරක් ලෙස මෙම විරෝධතා ව්‍යාපාරය දියත්වී තිබේ. මෙම නඩුවේදී චුඩිත භික්ෂුව බලවත් පුද්ගලයෙකු නිසා නීතිය රජය සහ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන චූදිතයාගේ පාර්ශවයට විශේෂ ලෙස සළකන ලද බව චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන් චුදීත භික්ෂුවට ඇප ගැනීමට හැකි ආකාරයට මෙම ආයතන වැඩකළ බවට චෝදනා එල්ල වී ඇත.

ගාල්ල, පොළොන්නරුව, කෑගල්ල, ගම්පහ, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, බදුල්ල, පුත්තලම සහ කොළඹ දිස්ත්‍රික්කවල සහ ඊයේ (28) කළුතර දිස්ත්‍රික්කවල අද විරෝධතා පැවැත්විණි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...