අපයෝජනයන්ට එරෙහිව රට පුරා විරෝධතා

ලංකාවේ කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන අපයෝජන හා ප්‍රචණ්ඩත්වයන්ට විරෝධය පළකරමින් සහ එහි ගොදුරුවූවන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද (මැයි 29) දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි. අනුරාධපුරයේ අටමස්ථානාධිපති භික්ෂුව විසින් ලිංගික අතවරයට ලක් කරන ලද දරුවාගේ සිදුවීම මුල් කරගෙන සමාජය තුළ මතුවී ඇති කතා බහේ තවත් ඉදිරි පියවරක් ලෙස මෙම විරෝධතා ව්‍යාපාරය දියත්වී තිබේ. මෙම නඩුවේදී චුඩිත භික්ෂුව බලවත් පුද්ගලයෙකු නිසා නීතිය රජය සහ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන චූදිතයාගේ පාර්ශවයට විශේෂ ලෙස සළකන ලද බව චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන් චුදීත භික්ෂුවට ඇප ගැනීමට හැකි ආකාරයට මෙම ආයතන වැඩකළ බවට චෝදනා එල්ල වී ඇත.

ගාල්ල, පොළොන්නරුව, කෑගල්ල, ගම්පහ, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, බදුල්ල, පුත්තලම සහ කොළඹ දිස්ත්‍රික්කවල සහ ඊයේ (28) කළුතර දිස්ත්‍රික්කවල අද විරෝධතා පැවැත්විණි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...