ස්පා පක්ෂ දේශපාලනය

කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ලක්ෂ්මන් විජයමාන්න නමැති තැනැත්තා පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ප්‍රසිද්ධියේ ගැටුමක් ඇතිකර ගනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ ඔහු ඉදිරිපත් කළ  විවේචනයට ඇහුම්කම් නොදුන් අතර ඊට ප්‍රතිචාර දක්වමින් මෙම තැනැත්තා එම ස්ථානයෙන් නික්මගිය ආකාරයේ සමාජ මාධ්‍ය තුළ සැරිසරු වීඩියෝවක සටහන් වී තිබුණා.

රනිල් වික්‍රමසිංහ නමැති උද්දච්ච දේශපාලකයා තම පක්ෂයේම නියෝජිතයන්ට සලකන ආකාරය හොඳින් නිරීක්ෂණය කරද්දී විවිධාකාර බව ඔහුගේ ඉරියව් වලින් නිරූපණය වෙනවා. එම අවස්ථාවේදීම තවත් පුද්ගලයන් දෙදෙනෙක් තමන්ගේ විරෝධය ප්‍රකාශ කර එතනින් නික්ම ගියා.

රනිල්ලා නියෝජනය කරන ත්‍රාඩ දේශපාලනයට ප්‍රතිපත්තිමය පුද්ගල බද්ධ බැඳීමක් නොමැති බව  මේ ක්‍රියාකාරිත්වයන් හරහා  සනාථ වන අතර  නායකයාගේ කැමැත්ත අකැමැත්ත මත හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රමාණය අනුව දේවල් තීරණය වෙන බව රනිල්ලාගේ සහ ගෝලයන්ගේ හැසිරීම මත හඳුනා ගත හැකි.

එම සිදුවීම වී දිනක් ගත වන විට අපට යළි මාධ්‍ය තුළින් දැකගන්න ලැබෙනවා එදා රනිල් සමග ගැටුමක් ඇතිකර ගත් මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ නායකත්වය යටතේ දේශපාලනය කිරීමට එකඟතාවය පළ කර ඇති බවක්.

මේ තරම් ලේසි නම් දේශපාලන පක්ෂයක් මාරු කරන්න . ඊටත් වඩා ලේසියි මෙවන් මිනිසුන්ට  ජනතාවට දෙන පොරොන්දු කඩ කරන්න .

මෙවන් දේශපාලකයෝ සහ එවන් දේශපාලකයන්ව ආරක්ෂා කරන  සහ අවස්ථාව ලබා දෙන දේශපාලන සංවිධාන සම්බන්ධයෙන් ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතුයි .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...