නීතිය සැමට සමාන නැත්තේ ධර්මාධිකරණ නැති නිසාද?

භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ධර්මාධිකරණයක් නැවත පිහිටුවීම සඳහා 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතේ 41 සහ 42 වගන්තිය සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරනු ලැබුණි.

ඒ අනුව, මෙම සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වේ ද යන්න පිරික්සීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කළ බවත්, එහි දී ඉදිරිපත් වූ යම් යම් සංශෝධන සම්බන්ධයෙන් නීතිපතිවරයා හා බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු අදාළ වගකිවයුතු පාර්ශව අතර සාර්ථක සාකච්ඡාවක් ද පැවති බවත් ජනාධිපතිවරයා එහි දී සඳහන් කරනු ලැබ තිබේ.

දැන් ජනතාවට අවශ්‍යව ඇත්තේ ධර්මාධිකරණ හෝ සංඝාධිකරණ පිහිටුවීමට නොව ආණ්ඩුවට සම්බන්ධ භික්ෂුන් සම්බන්ධ වැරදිවලදී නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න දැන ගැනීමටයි. නීතිය සැමට සමාන බව බව පවසන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ පොලීසියම නීතිය බලවත් භික්ෂුන් ඉදිරියේ නැවීමට හේතුව කුමක්ද යන්න දැනගැනීමට ජනතාව කැමැත්තෙන් සිටියි.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...