බැසිලුත් හොඳටම කරයි – තියෙන බදු දීර්ඝ කරා විතරයිලු

ඊයේ (13) විශේෂ වෙළෙඳ භාණ්ඩ කිහිපයක් මත බදු පනවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් වී තිබේ.

හාල්මැස්සන්, කරවල, වෙඬරු, කිරිවලින් නිපදවූ තැවරුම්, උළුහාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට, මේස ලුණු ආදිය මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් කර ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද උදෑසන වනවිට විශාල විරෝධයක් මතුවෙමින් පැවතීමත් සමඟ අද මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ නව බදු පැනවීමක් සිදු නොකළ බවත් මීට පෙර පනවා තිබූ බද්දක් දීර්ඝ කිරීමක් පමණක් සිදුකර ඇති බවයි.

එසේම මෙලෙස බටර්, චීස්, මාගරින් සහ කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු වැඩිකර ඇත්තේ දේශීය ගොවියන්ට සහ ධීවරයන්ට හොඳ මිලක් ලැබෙන පරිදි බවට නොකෙරෙන දේවල් කිහිපයක්ද එම නිවේදනයට ඇතුළත් කර ඇත.

මෙහි ඇති හාස්‍ය මෙය කිසිවක් නොවේ. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශය බාර ගන්නා විට ආණ්ඩුව සුරංගනා කතා දාහක් පවසන ලදී. එම කතාවල මූලික හරය වූවේ වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට බැසිල් රාජපක්ෂට ‘මැජික්’ බලයක් ඇති බවයි. ආර්ථිකය ගොඩ ගන්නවා යනු ජනතාව මත පැටවී ඇති ජීවන වියදම අඩුවීම මිස වෙන කිසිවක් නොවේ.

නමුත් දැන් පෙනී යන්නේ වෙනත් දෙයකි. තිබුණ දේවල් ඒ විදිහටම ඉදිරියටම පවත්වාගෙන යනවා හැරෙන්නට බැසිල්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැති බව ඔප්පුවෙමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...