රනිල්ගේ ‘ලෙඩා මලත් බඩ සුද්දයි’ ආර්ථික ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකා ආර්ථිකය නැමති ලෙඩා බෙහෙත් දීලා සුව කරන්න උත්සාහ කරනවාද?බෙහෙත් නොදී මැරෙන්න ඉඩ දෙනවාද?කියා තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණපා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා නව මාවතක ගමන් කිරීම තම අරමුණ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පවසා ඇත. රනිල් මේ පවසන්නේ තවදුරටත් ණය ලබාගැනීම සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වයක් ලබාගැනීම සඳහා ඔහුගේ වන වැඩපිළිවෙලයි. ඊයේ මහනුවරදී පැවති උත්සවයදී ඔහු පවසා තිබුණේ රටේ පැවති නොසන්සුන්තාවය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගැනීමට තිබූ ගිවිසුම කල් ගිය බවයි.

රනිල්ට පාලනය සම්බන්ධයෙන් ඔහුට ඇති එකම විසදුම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම ඔහුට ආර්ථිකය සම්බන්ධයෙන් ද ඇති විසදුම් ලෙස පෙනෙන්නේ ණය ගැනීම වැනි රට තව තවත් වලපල්ලට යවන විසදුම් වේ. අපි රටක් ලෙස දැනට මුහුණ දෙමින් සිටින ආගාධයට වැටීමට හේතුව රනිල්ලා රාජපක්ෂලා ඇතුළු වසර 74ක් රට පාලනය කළ පාලකයන්ගේ වැරදි තීන්දු තීරණ නිසයි. දැන් රනිල් හදන්නේ එම වැරැද්ද දිගින් දිගටම කිරීමටයි.

එහෙත් රනිල්ලා සඟවන කතාවක් තිබේ. පසුගිය ජුනි මාසයේ පමණක් අපේ රට අපනයන ආදායම ඩොලර් බිලියන 1.2ක් බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එනම් අපේ රටට ඩොලර් පැමිණෙමින් තිබේ. අවශ්‍ය වන්නේ එය කළමනාකරණය කරගැනීම සහ අපනයන ආදායම වැඩි කරගැනීමට සහ දේශීය ආර්ථිකය නැන්වීමට අවශ්‍ය නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සඳහා තීන්දු තීරණ ගැනීමයි. ඒ වෙනුවට ‘ලිබරල්’ රනිල්ගේ ‘නව්‍ය’ ආර්ථික ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ණය ගැනීම පමණි. වසර ගණනක් සිදුකළ ජනතාව බිල්ලට දෙමින් ණය ගැනීම නව්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් වන්නේ කෙසේද යන්න ජනතාව ප්‍රශ්න කළයුතුව ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...