සුසිල් ප්‍රේමජයන්ත අත හෝදා ගනිමින් ආණ්ඩුවේ රෙදි ගලවයි

Date:

සුසිල් ප්‍රේමජයන්ත අද බඩු ගන්න පොලේ  ගිහින් සිටි අතර  අහස උසට බඩු මිල ඉහළ යෑම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ පැනයකට උත්තර දෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ පාරිභෝගික ඇමති, කෘෂිකර්ම ඇමති, වෙළඳ ඇමති, ඒ පිළිබඳව සොයා බැලිය යුතු බවයි. පවතින තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් තිබේ ද? නැද්ද? කියන පැනයට ඔහු ලබාදුන් පිළිතුර වූයේ පොහොර පාලනය කරන්නට ප්‍රථම ඒ පිළිබඳව වැඩපිලිවෙලක් නිර්මාණය කළ යුතුව තිබුණු බවත් කරන්න බැරි දේවල් කරන්න ගිහින් රටම අමාරුවෙ දමා ඇති බවයි. එමෙන්ම ඒ සඳහා තීන්දු තීරණ ගත්තු අය ඊට වගකියන්න ඕනා .

කෘෂිකර්ම ඇමති ෆේල් වී සිටින බවත් තීන්දු තීරණ ගන්න තැන්වල තමන් නොසිටින බවත් ඒ නිසා මේවට වගකිව යුතු නැති බවද ඔහු ප්‍රකාශ කරනවා. විදේශ ආක්‍රමණ සිද්ධ වෙච්ච වෙලාවල් වල දී පවා කෘෂිකර්මයට මේ තරම් බරපතළ හානියක් සිද්ධ වී නැති බවත්  කරන්න බැරි අය ඉන්නවානම් ඒ අය අයින් වෙලා කරන්න පුළුවන් අයට දුන්නොත් මේ වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා තමයි ඔහු කියන්නේ.

මේ අතර අද කෘෂිකර්ම ඇමති වරයාත්  මාධ්‍යවේදීන් හානිවී තිබෙන වගාවන් වලට වන්දි ගෙවනවා ද? නැද්ද? කියා ඇසූ පැනයකට  පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ  ආණ්ඩුව විසින් ලබා දී තිබෙන පොහොර වර්ග හතරම වගාවට පාවිච්චි කර තිබේ නම්  හානිවී තිබෙන විට ඒවාට වන්දි ලබාදෙන බවයි. ආණ්ඩුව මෙතෙක් ලබා දී තිබෙන පොහොර වර්ග හතරම භාවිතා කරන්නෙ නැතිව ගොවියා උඩ බලාගෙන සිට වන්දි ඉල්ලන්නේ නම් ආණ්ඩුව ඔවුන්ට වන්දි දීමට සූදානම් නැති බවයි. වසවිසෙන් තොර කෘෂිකර්මාන්තය නගා සිටුවන්නට අමාත්‍යාංශවල මෙන්ම  රජයේ නිලධාරීන්ගේද  සහාය නොලැබුණු නිසා එය සාර්ථක කර ගන්න බැරුව ගිය බවට චෝදනා නගනවා .

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...