Breaking News

සුසිල් ප්‍රේමජයන්ත අත හෝදා ගනිමින් ආණ්ඩුවේ රෙදි ගලවයි

සුසිල් ප්‍රේමජයන්ත අද බඩු ගන්න පොලේ  ගිහින් සිටි අතර  අහස උසට බඩු මිල ඉහළ යෑම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ පැනයකට උත්තර දෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ පාරිභෝගික ඇමති, කෘෂිකර්ම ඇමති, වෙළඳ ඇමති, ඒ පිළිබඳව සොයා බැලිය යුතු බවයි. පවතින තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් තිබේ ද? නැද්ද? කියන පැනයට ඔහු ලබාදුන් පිළිතුර වූයේ පොහොර පාලනය කරන්නට ප්‍රථම ඒ පිළිබඳව වැඩපිලිවෙලක් නිර්මාණය කළ යුතුව තිබුණු බවත් කරන්න බැරි දේවල් කරන්න ගිහින් රටම අමාරුවෙ දමා ඇති බවයි. එමෙන්ම ඒ සඳහා තීන්දු තීරණ ගත්තු අය ඊට වගකියන්න ඕනා .

කෘෂිකර්ම ඇමති ෆේල් වී සිටින බවත් තීන්දු තීරණ ගන්න තැන්වල තමන් නොසිටින බවත් ඒ නිසා මේවට වගකිව යුතු නැති බවද ඔහු ප්‍රකාශ කරනවා. විදේශ ආක්‍රමණ සිද්ධ වෙච්ච වෙලාවල් වල දී පවා කෘෂිකර්මයට මේ තරම් බරපතළ හානියක් සිද්ධ වී නැති බවත්  කරන්න බැරි අය ඉන්නවානම් ඒ අය අයින් වෙලා කරන්න පුළුවන් අයට දුන්නොත් මේ වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා තමයි ඔහු කියන්නේ.

මේ අතර අද කෘෂිකර්ම ඇමති වරයාත්  මාධ්‍යවේදීන් හානිවී තිබෙන වගාවන් වලට වන්දි ගෙවනවා ද? නැද්ද? කියා ඇසූ පැනයකට  පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ  ආණ්ඩුව විසින් ලබා දී තිබෙන පොහොර වර්ග හතරම වගාවට පාවිච්චි කර තිබේ නම්  හානිවී තිබෙන විට ඒවාට වන්දි ලබාදෙන බවයි. ආණ්ඩුව මෙතෙක් ලබා දී තිබෙන පොහොර වර්ග හතරම භාවිතා කරන්නෙ නැතිව ගොවියා උඩ බලාගෙන සිට වන්දි ඉල්ලන්නේ නම් ආණ්ඩුව ඔවුන්ට වන්දි දීමට සූදානම් නැති බවයි. වසවිසෙන් තොර කෘෂිකර්මාන්තය නගා සිටුවන්නට අමාත්‍යාංශවල මෙන්ම  රජයේ නිලධාරීන්ගේද  සහාය නොලැබුණු නිසා එය සාර්ථක කර ගන්න බැරුව ගිය බවට චෝදනා නගනවා .

leave a reply