කියුබාව එන්නත්කරණයෙන් ලෝකයේ අංක 1ට පැමිණෙයි

කියුබාව ලෝකයේ දියුණු යයි සම්මත රටවල් අභිබවමින් කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණය සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ තිබේ.

කියුබාවේ දැනට 90%කටත් වැඩි ජනතාවක් අඩුම ගනනේ එක එන්නතාවක් ලබාගෙන ඇති අතර 83% කටත් වඩා එන්නත් දෙකම ලබා ගෙන ඇතැයි ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

නැගී එමින් පැවති කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා එන්නත් මිලදී ගැනීම යනු කියුබාවට සිදුකළ හැකි දෙයක් නොවීය. එරට මේවනවිට ඇමරිකානු සම්බාධක සහ සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම හේතුවෙන් විශාල ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් සිටියි.

එයින් නොසැලුණු කියුබාව තමන්ගේම රටේ එන්නත් නිෂ්පාදනය ඇරඹීය. අබ්දෙලා සහ සොබ්රිනා නමින් හඳුන්වන මේ එන්නත් දෙක කියුබාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට සමතාව ඇත. තමන්ටම කියා එන්නතක් නිෂ්පාදනය කරගත් කුඩාම රට බවට පත්වන්නේ කියුබාවයි.

මෙම එන්නතේ සාර්ථකත්වයත් සමඟ පසුගිය වසරේ අගෝස්තු මාසය වනවිට සතියකට කොවිඩ් මරණ 100ක් පමණ වාර්තා වූ කියුබාව තුළ දැන් සතියකට මරණ වාර්තා වෙන්නේ 3ක් පමණි. එසේම දැනට දිනකට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 100 කටත් අඩු මට්ටමක පවතී.

එසේම මේවනවිට කියුබාව ඔමික්රෝන් ප්‍රබේදයට මුහුණ දීම සඳහා එන්නත් වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...