මේ ආණ්ඩුවත් ඍජු විදෙස් ආයෝජන සරණං ගච්චාමිලු

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) කඩිනමින් ආකර්ෂණය කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (29) පස්වරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටසේ (රඹුක්කන සිට ගලගෙදර දක්වා) ඉදිකිරීම් කටයුතුවලට එක්වෙමිනි.

විදේශ ආයෝජන මෙරටට ගලා ඒමට පවතින බාධාවන් ඉවත් කිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බවත්, රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අබල දුබලතා මෙන්ම ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු ඊට හේතු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම බාධාවන් මැඩපවත්වා ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා ගතයුතු ප්‍රධාන පියවර දෙකක් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කර ඇත:

ආයෝජන ආරක්ෂණ පනත:
ආයෝජකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන විශේෂ පනතක් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට සැලසුම් කර ඇත.

තනි කවුළුවේ යාන්ත්‍රණය (Single Window System):
ආයෝජකයින්ට තමන්ගේ සියලුම පරිපාලන සහ නීතිමය කටයුතු එකම ස්ථානයකින් පහසුවෙන් කර ගැනීම සඳහා “තනි කවුළුවක්” නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

ලංකාවේ ආර්ථිකය ගොඩ දැමීමට ඍජු විදෙස් ආයෝජන ගෙන ඒමට යෝජනා කිරීම, ඒ වෙනුවෙන් බාධා ලෙස සළකන රාජ්‍ය ව්‍යුහයේ වෙනස්කම් කිරීම, ඉඩම් වෙළඳ පොළට නිදහස් කිරීම අලුත් දේවල් නොවේ. මින් පෙර සිටි සෑම පාලකයෙක්ම යෝජනා කරන ලද ඒවායි. එසේම ඍජු විදෙස් ආයෝජන ගෙන්වීම සඳහා යයි කියමින් අධික පොළියට ණය ලබාගනිමින් අධිවේගී මාර්ග, වරාය හදන ලදී. අවසානයේ පැමිණි විදෙස් ආයෝජනයක් නැති අතර සිදුව තිබුනේ අප විදෙස් ණය කන්දක හිරවීම පමණි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ පෙන්වමින් සිටින්නේ අනෙකුත් ආණ්ඩුවලින් වෙනස් වූ ආර්ථික වැඩපිළිවෙලක් තමන්ට නොමැති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...