මේ ආණ්ඩුවත් ඍජු විදෙස් ආයෝජන සරණං ගච්චාමිලු

Date:

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) කඩිනමින් ආකර්ෂණය කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (29) පස්වරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටසේ (රඹුක්කන සිට ගලගෙදර දක්වා) ඉදිකිරීම් කටයුතුවලට එක්වෙමිනි.

විදේශ ආයෝජන මෙරටට ගලා ඒමට පවතින බාධාවන් ඉවත් කිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බවත්, රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අබල දුබලතා මෙන්ම ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු ඊට හේතු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම බාධාවන් මැඩපවත්වා ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා ගතයුතු ප්‍රධාන පියවර දෙකක් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කර ඇත:

ආයෝජන ආරක්ෂණ පනත:
ආයෝජකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන විශේෂ පනතක් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට සැලසුම් කර ඇත.

තනි කවුළුවේ යාන්ත්‍රණය (Single Window System):
ආයෝජකයින්ට තමන්ගේ සියලුම පරිපාලන සහ නීතිමය කටයුතු එකම ස්ථානයකින් පහසුවෙන් කර ගැනීම සඳහා “තනි කවුළුවක්” නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

ලංකාවේ ආර්ථිකය ගොඩ දැමීමට ඍජු විදෙස් ආයෝජන ගෙන ඒමට යෝජනා කිරීම, ඒ වෙනුවෙන් බාධා ලෙස සළකන රාජ්‍ය ව්‍යුහයේ වෙනස්කම් කිරීම, ඉඩම් වෙළඳ පොළට නිදහස් කිරීම අලුත් දේවල් නොවේ. මින් පෙර සිටි සෑම පාලකයෙක්ම යෝජනා කරන ලද ඒවායි. එසේම ඍජු විදෙස් ආයෝජන ගෙන්වීම සඳහා යයි කියමින් අධික පොළියට ණය ලබාගනිමින් අධිවේගී මාර්ග, වරාය හදන ලදී. අවසානයේ පැමිණි විදෙස් ආයෝජනයක් නැති අතර සිදුව තිබුනේ අප විදෙස් ණය කන්දක හිරවීම පමණි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ පෙන්වමින් සිටින්නේ අනෙකුත් ආණ්ඩුවලින් වෙනස් වූ ආර්ථික වැඩපිළිවෙලක් තමන්ට නොමැති බවයි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...