අපිට කන්න නෑ, රෝගීන්ට බෙහෙත් නෑ – රට පුරා සෞඛ්‍ය සේවකයන් විරෝධතාවයක

උද්ධමන සහ ප්‍රවාහන දීමනා ලබාගැනීම සහ ඖෂධ හිඟය පියවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රට පුරා රෝහල්වල සෞඛ්‍ය සේවකයන් පැය 4ක් සේවයෙන් බැහැර වී තිබේ. එම සේවකයන් පවසන්නේ වසර ගණනාවක් පුරා තම වැටුප වැඩි නොවී ඇති තත්ත්වයක් තුළ වැඩිවෙන ජීවන බර දරාගැනීමට නොහැකි වී ඇති බවයි.

විශේෂයෙන් මේ තත්ත්වය හමුවේ තමන් ලබාගෙන ඇති ණය සඳහා අයකරන පොලී අනුපාතය වැඩිවීමද බරපතල ප්‍රශ්නයක් බව ඔවුන් පෙන්වා දෙයි.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධාන කර තිබූ මෙම විරෝධතා මාලාවේ අනෙකුත් සටන් පාඨ වන්නේ,

උද්ධමන, ප්‍රවාහන දීමනාවක් ලබාගැනීම
ඖෂධ හිඟය පියවා ගැනීම
නිදහස් සෞඛ්‍යය පෞද්ගලිකකරණයට එරෙහිව
වැඩිකල බැංකු පොලී අනුපාත පහළ දැමීම
දැඩි සේවක හිඟය පියවා ගැනීම

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...