ටිරාන් අලස්ගේ මව්බිම පත්තරේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න තවමත් විසඳී නැහැ

Date:

මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී රවිෂාන් ප්‍රනාන්දුට සිය සේවා ස්ථානයට ඇතුළු වීමටත්, බාධාවකින් තොරව ඔහුගේ රාජකාරි කටයුතු කරගෙන යෑමටත් අවශ්‍ය නියෝග සිලෝන් නිව්ස් පේපර්ස් ආයතනයට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම මාධ්‍යවේදී රවිෂාන් ප්‍රනාන්දුට හිමි අප්‍රේල් මස වැටුප ඇතුළු අනනෙකුත් දීමනා කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසත්, එම මාධ්‍යවේදියාට එරෙහි අයුක්තිසහගත සේවා තහනමට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම කඩිනම් කරන ලෙසත් ඒ මගින් ඉල්ලා ඇත.

එහි සඳහන් කරන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කර දින 10කට අධික කාලයක් ගතවී ඇතත් කිසිදු මැදිහත්වීමක් සිදුනොවීම තුළ මාධ්‍යවේදී රවිෂාන් ප්‍රනාන්දුගේ වෘත්තීය ජීවිතය අනාරක්ෂිතභාවයට පත්වී ඇති බවයි.

පසුගිය මාර්තු 4 වැනිදා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ‘මව්බිම’ දිනපතා පුවත්පත වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබිණි. එතැන් සිට මාධ්‍යවේදීන්ට මාස දෙකකට අධික කාලයක් වැටුප් ගෙවීම පැහැර හැර ඇති අතර, වසර ගණනාවක සිට සේවක අර්ථසාධක අරමුදල් (EPF) ද නිසි පරිදි ගෙවා නොමැති බවට සේවකයෝ චෝදනා කර තිබුණි. මේ සම්බන්ධයෙන් කම්කරු දෙපර්තම්නේතුවේ තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාව සඳහා මාධ්‍යවේදී රවිෂාන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිති නියෝජිතයින් දෙදෙනෙකු සහභාගී වී ඇත.

මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන්ට මෙතෙක් නොගෙවා පැහැර හැර ඇති සියලුම හිඟ වැටුප් එදිනම ගෙවා අවසන් කළ යුතු බවට කම්කරු දෙපාර්තමේන්තුව විසින් නියෝග කොට තිබේ.

මීට අමතරව, පූර්ව දැනුම්දීමකින් තොරව කොන්ත්‍රාත් පදනම මත සේවය කළ පිරිසකට සේවයට නොපැමිණෙන ලෙස දැනුම් දීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වී ඇති අතර, එම ක්‍රියාව මගින් සේවා අවසන් කිරීමේ පනත සෘජුව උල්ලංඝනය වී ඇත්දැයි යන්න පිළිබඳව ඉදිරියේදී විධිමත් විමර්ශනයක් පවත්වන බව සහකාර කම්කරු කොමසාරිස්වරිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

මෙහිදී මාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ ආයතනය වසා දැමීමේදී අනුගමනය කළ යුතු නීත්‍යානුකූල පටිපාටිය පවා පාලනාධිකාරිය විසින් උල්ලංඝනය කර ඇති බවයි.

දැන් තවදුරටත් පෙනී යන්නේ මෙම ප්‍රශ්නය විසඳීම සඳහා මාධ්‍යවේදීන්ගේ පාර්ශවයෙන් මැදිහත් වූ පුද්ගලයන්ගෙන් මව්බිම පාලනාධිකාරිය පලිගනිමින් සිටින බවයි.

මව්බිම පුවත්පත අයත්වන්නේ කුප්‍රකට ව්‍යාපාරික ටිරාන් අලස්ටයි. ඔහුට විවිධ චෝදනා එල්ල වී තිබුනත් ඔහු සෑම ආණ්ඩුවක් යටතේම කිසිඳු විමර්ශනයකට ලක් නොවී යෙහෙන් වැජඹෙනු දක්නට ලැබේ.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...