අද දින කොරෝනා වැලඳුන මෙරට රෝගීන් සංඛ්‍යාව 100 ඉක්මවනු ලැබීය. ඒ සමගම මෙතෙක් එකදු මරණයක්වත් වාර්තා නොවීම තුල යම් සහනදායී හැඟීමක් අපට දැනෙන අතර ඊට ඍජුවම මේ මට්ටමින් හෝ ආරක්ෂා වී ඇති මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවත්, එය තුල අඛන්ඩව වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීමද අපගේ ගෞරවයට පාත්‍ර විය යුතුය. ඇතැම්විට දේශගුණික සාධක මෙන්ම දීර්ග කාලීනව මැලේරියා වැනි වසංගත වලට මුහුණදීමෙන් ඒවාට ඔරොත්තු දෙන ජානමය සැකැස්මක් ලාංකීය ජනතාව සතු වීමද තත්වය තවමත් ව්යවසනකාරී නොවීමට හේතුවී තිබීමට පුළුවන.
තවමත් මුලින් ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම මැතිවරණ නාමයෝජනා බලාත්මක කරගැනීමේ ආණ්ඩුවේ උවමනාව ඉදිරියේ නොගැනීම සහ තවත් කලයුතු දේ නොකිරීම පිලිබඳව අපටද බරපතල විවේචන ඇතත් මේ මොහොතේදී ඉදිරියට කලයුතු දෙය පිලිබඳ අවදානය යොමු කිරීම වඩා වැදගත්යැයි අපි සිතමු. මෙවන් මොහොතක වසංගතය මැඩලීම සදහාවන කාර්ය සාධක බලකායක් පිහිටුවීම අවශ්‍ය දෙයකි. එවැන්නක් පිහිටුවිය යුතුව තිබුනේ වසංගත රෝග පිලිබඳ විශේෂඥයන්ගේ මූලිකත්වයෙනි. හමුදාව එවැන්නක සහායක කාර්ය භාරයකට සම්බන්ධ කරගත හැකිව තිබුණි. නමුත් ආණ්ඩුව පලමු පැයේදීම වසංගතයට මුහුණදීමේ කාර්ය සාධක බලකාය හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීය. සෞඛ්‍ය අංශ වලටත් වඩා හමුදාව ප්‍රමුඛ කරගත් මිලිටරි දෘෂ්ටියකින් ආණ්ඩුව මේවන විට මැදිහත් වෙමින් සිටී.
මෙහි සාධනීය මෙන්ම නිශේධනීය ප්‍රතිඵල අපි සමාජයක් ලෙස බුක්ති විඳිමින් සිටිමු. කොරෝනා රෝගය වැළඳුන බොහෝ අයගේ සම්බන්ධතා පැවැත්වූ දාමය අනාවරණය කරගැනීමට සමත්වීම සාධනීය එක් මැදිහත්වීමකි. එහෙත් හමුදාමය දෘෂ්ටිය තුල බරපතලම මගහැරීම පෙන්වන්නේ ජන සහභාගීත්වය ලබා ගැනීම නොතැකීම තුලය. හමුදාමය දෘෂ්ටිය උත්කර්ෂවත්වීම තුල සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුලට යොමු කලයුතු අවධානයද යම් මට්ටමකට ගිලිහී ගොස් තිබේ. මේ මොහොතේ වඩාත්ම අවධානම් මැදිහත්වීම කරන සෞඛ්‍ය සේවාවේ නිරතවූවන්ට අවශ්‍ය ආරක්ෂිත ක්රමවේද මෙන්ම අවශ්‍ය පහසුකම් ඒ අයුරින් නොලැබීමද වාර්තා වේ. දැනට වෛද්‍යවරු දෙදෙනෙක් ආසාදිතයන් වී ඇති අතර රාගම සහ ජාතික රෝහල්වල වාට්ටු දෙකකම කාර්ය මණ්ඩල නිරෝධායනයට යොමුකල බව වාර්තා වේ. එසේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් පැළඳුම්, ප්‍රවාහන සේවා, නවාතැන්, භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රමුඛතා ආදිය තවමත් නිසි පරිදි ලැබී නොමැත.
ඇඳිරි නීතිය පැනවීමේ අරමුණ ජනතාව පොදු වශයෙන් එකතුවීම සීමා කිරීම වුවත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීමට පැය කීපයක් ඇඳිරි නීතිය ඉවත්කර ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නද එය නිසි සූදානම් කිරීමක් සහිත සැලසුමක් සහිතව ලබා දී තිබුනේද? සැලැස්මකින් තොරව මෙවැනි කාලයක් ලබාදීමම ඇඳිරි නීතිය පැනවීමේ අරමුණ බිඳ දමනු ඊයේ සහ අද අපි දුටිමු.
මේ පිළිබඳව ජනතාවට දොස්පවරා ඵල නැත.
අද ජනතාව මහා ප්‍රවාහයක් ලෙස කඩ සාප්පුවලට එකතු වීමේ අනතුර හමුවේ ආණ්ඩුව වහාම බස්නාහිර පලාත වසංගත අධි අවධානම් කලාපයක් බවට පත්කොට ඇඳිරි නීතිය ඉවත් කිරීම දින නියමයක් නැතිව කල්දමා තිබේ. මෙම තත්වය තුළ ගත යුතු ක්‍රියාමාර්ග කවරේද?
විශේෂයෙන්ම අධි අවධානම් කලාපය ලෙස නම්කර ඇති බස්නාහිර පලාත මෙන්ම තවමත් ඇඳිරි නීතිය පවත්වාගෙනයන අනෙකුත් පලාත් වලද ජනතාවට පොදි ගැසීමකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත හැකි ක්‍රමවේදයක් අවශ්‍යය. එසේම මිලදී ගැනීමට නොහැකි ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙන වැඩපිළිවෙලක් අවශ්‍යය. වතුකම්කරු ජනතාව මෙන්ම එදාවේල සොයාගත් ජනතාව මීට ඇතුලත්විය යුතුය. මෙම ඛාන්ඩය සමෘද්ධි ලාභීන්ට පමනක් සීමා කලයුතු නැත. ඇඳිරිනීතිය හමුවේ වුවද ඖෂධ සල් සහ ප්‍රාදේශීය රෝහල් වෙත තම රෝගී වාර්තා සහ සායනික වාර්තා ඉදිරිපත් කර යාමට රෝගීන්ට ඉඩදිය යුතුය.
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ජනතාව සමීපයට සැපයීම සංකීර්ණ කටයුත්තකි. එම කටුයුත්ත මහාපරිමාණ සමාගම්වලට පමණක් භාරදිය නොහැක. ජන සහභාගීත්ව මැදිහත්වීම් අවශ්‍යවන්නේ මෙවැනිදේටය. සතොස, සමූපකාර, ප්‍රාලේ කාර්යාල, පලාත් පාලන ආයතන, ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරීන්, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ආදී සියලු ප්‍රජා කටයුතු වල නිරත රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ඒකාබද්ධ ක්‍රියාන්විතයකට සම්බන්ධකරගැනීම වැදගත්ය.
එසේ වුවද එය ප්‍රමානවත් නොවේ. මෙවැනි ව්‍යුහයකට සමාජ සංවිධාන සම්බන්ධ කරගැනීම අතිශය වැදගත් වේ. නිදසුනක් ලෙස ග්‍රාමීයව ගොවි සංවිධාන සම්බන්ධ කරගත යුතුය. එසේම රටේ ජවසම්පන්නම ප්‍රජාව වන තරුණ ප්‍රජාව අත්‍යවශ්‍යෙන්ම සම්බන්ධ කරගත යුතුය. තරුණ සමිති, ක්‍රිඩා සමාජ, යෞවන සමාජ මෙන්ම ස්වෙච්ඡා මැදිහත් වීමකට කැමති තරුණ පිරිස් සම්බන්ධකරගත යුතුය. මෙහිදී තම ගම්බිම්වලට පැමිණ සිටින විශ්ව විද්‍යාල සිසුන්ද මෙවන් මොහොතක ස්වෙච්ඡා ශ්‍රමය ලබා ගත හැකි වැදගත්ම සම්පතකි. ගුරුවරුන් වැනි වෘත්තිකයන්ද අවශ්‍යනම් සම්බන්ධ කරගත හැක.
සංකීර්ණ වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා නිවෙස් වෙත සැපයීමේ ක්‍රියාන්විතයක මෙවන් පිරිස් ස්වේච්ඡාවෙන් සහභාගීකරගත නොහැකිද? අවශ්‍යනම් සෞඛ්‍ය සේවාවේ අධීක්ෂණය යටතේ මේ දිනවල සායනවලට ඒමට නොහැකි රෝගීන් වෙත ඖෂධ බෙදාහැරීම වුවද කල හැකිය. මින් ඔබ්බට ගොස් ජන සහභාගී ව්‍යුහ උපයෝගී කරගෙන නගර සහ පොදු ස්ථාන විෂබීජහරණය කිරීම වැනි කටයුතු වුවද කලහැකිය. ස්ව කැමැත්තෙන් පරිත්‍යාගයන් කරන සංවිධාන සහ පුද්ගලයන්ගේ පරිත්‍යාග වුවද වඩාත් ඵලධායක වන්නේ ප්‍රාදේශීය ගොඩනගන ඒකාබද්ධ ව්‍යුහයක් වෙත බාරගෙන අවශ්‍ය ස්ථාන සහ පුද්ගලයන් වෙත ක්‍රමවත්ව බෙදාහරින ක්‍රමවේදයක් තුලය.
පවත්නා ව්‍යසනයට මුහුණ දීමට ජන සහභාගීත්ව ක්‍රමවේදයන් වෙත යොමුවන ලෙසත් එසේ යොමුවන්නේ නම් මෙරට තරුණ ප්‍රජාවගේ ස්වෙච්ඡා ධායකත්වය ඒ සඳහා යොමු කරවීමට අපද උපරිම මැදිහත්වීමක් කිරීමට සූදානම් බවද දැනුම් දෙමු. වෙන්ව සිටීමට සිදුවුවද එක්ව නැගීසිටිමු! එක්ව ක්‍රියාත්මකවෙමු!
ලහිරු වීරසේකර
ජාතික කමිටු සාමාජික
වෙනසක තාරුණ්‍යය