දුමින්ද සිල්වාට යුතුකම් ඉටු කිරීමට ජනාධිපති සූදානම් වෙයි

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ කොමිසමේ නිර්දේශ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාව ඉදිරි දෙසතිය තුළ නිදහස් කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් පැවසෙන බව ලංකා නෙව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔහුගේ පියා විසින් දේශපාලන පළිගැනීම් කොමිසමට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පැවති කොමිසම එම පැමිණිල්ල පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ අතර දුමින්ද සිල්වාට පළමුවෙන් මරණීය දණ්ඩනය නියම කළ මහාධිකරණයට ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට අවස්ථාව තිබුණේයැයි කොමිසම නිගමනය කර ඇති බව වාර්තා විය.

එහෙයින් එම පදනමින් දුමින්ද සිල්වාව ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම උචිත බවට කොමිසම නිර්දේශ කර ඇති බව සඳහන් වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...