අවුරුදු 32කට පසු ඉතිහාසය නැවත ලියවෙයි!

1994 දී සුසන්තිකා ජයසිංහගෙන් පසු, 2026 දී රන්සිනි පෙරේරා ශ්‍රී ලංකාවට ආසියානු U20 කාන්තා මීටර් 200 රන් පදක්කම යළි දිනා දී තිබේ.

හොංකොංහි පැවැත්වෙන 22 වැනි ආසියානු යොවුන් (වයස අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් මීටර් 200 බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රන්සිනි පෙරේරා සමත් විය.

ඇය මෙම තරගය තත්පර 24.07ක කාලයකින් නිම කරමින් තම දක්ෂතාව ප්‍රදර්ශනය කර ඇත.

මෙය මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් දෙවැනි රන් පදක්කම ලෙස සනිටුහන් වේ.

මේ අතර මෙහි මීටර් 200 ශූරතා බාලක ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සදෙව් රාජකරුණා සමත්වූ අතර ඔහු තත්ත්පර 21.13ක කාලයක් තුළ ඔහුගේ තරගය නිම කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...