අවුරුදු 32කට පසු ඉතිහාසය නැවත ලියවෙයි!

1994 දී සුසන්තිකා ජයසිංහගෙන් පසු, 2026 දී රන්සිනි පෙරේරා ශ්‍රී ලංකාවට ආසියානු U20 කාන්තා මීටර් 200 රන් පදක්කම යළි දිනා දී තිබේ.

හොංකොංහි පැවැත්වෙන 22 වැනි ආසියානු යොවුන් (වයස අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් මීටර් 200 බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රන්සිනි පෙරේරා සමත් විය.

ඇය මෙම තරගය තත්පර 24.07ක කාලයකින් නිම කරමින් තම දක්ෂතාව ප්‍රදර්ශනය කර ඇත.

මෙය මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් දෙවැනි රන් පදක්කම ලෙස සනිටුහන් වේ.

මේ අතර මෙහි මීටර් 200 ශූරතා බාලක ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සදෙව් රාජකරුණා සමත්වූ අතර ඔහු තත්ත්පර 21.13ක කාලයක් තුළ ඔහුගේ තරගය නිම කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...