ඉතාලිය නව නීති පනවමින් කොරෝනා මර්නධනයට සැරසෙයි.

කොරෝනා වෛරසය ආරම්භයේ සිට විටින් විට වෙනස් කරපු නීතිරීති නැවතත් වෙනස් කරමින් ඉතාලි රජය  හදිසි අවශ්‍යතා නීති උල්ලංඝනය කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගනිමින් සිටිනවා. මූලික අවශ්‍යතාවයන් වලට හැර  එළිපහලියට බැසීම තහනම් වන අතර නීති කඩන අයට එරෙහිව යුරෝ  500 සිට 4000  දක්වා දඩ ගැසීමට ද යෝජනා කරලා තිබෙනවා, මේ නව නීතියෙන්. ඉදිරි සති දෙක සියලුම ආයතන වසා දැමීමටත්, දැනට පවතින තත්වය යම් දුරකට සමනය වුනොත් නැවතත් ඉතාලි  ආර්ථිකය සඳහා අත්‍යවශ්‍ය වන කර්මාන්ත ශාලා විවෘත කිරීමට අවසර ලබා දීමට සලකා බලන්නට ඔවුන් යෝජනා කරනවා. එවගේම කොරෝනා මර්දන ක්‍රියා පිළිවෙත් අනුගමනය නොකරන සේවකයින්ව  දවස් පහේ සිට මාසයක් දක්වා වූ කාලයක් වැඩ තහනමකට ලක් කරන්නට ආයතන හිමියන්ට බලය පැවරීමටත් මේ නව නීතිය තුලින්  යෝජනා වී තිබෙනවා. පවතින තත්ත්වය වෙනසක් නොවී තව දුරටත් පැවතිය හොත්  හදිසි තත්ත්වය ජූලි මස 31 වනදා දක්වා පවත්වාගෙන යෑමටත් මේ නව නීති කෙටුම්පත තුලින් ඔවුන් යෝජනා කරවා.

ඊයේ දිනයට වඩා යම් පමණකින් අද දිනයේ දී මරණ ප්‍රමාණය වැඩි වී තිබුණත්, ලුතින් වෛරසය ආසාදන   පුද්ගලයන් ප්‍රමාණය අඩුවී තිබෙනවා. අද මරණ 743 ක් වාර්තා වන අතර අලුත් කොරෝනා වෛරසය ආසාදිතයන් 3612 වාර්තාවෙනවා. සමස්ත කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන  69179 යි

Share post:

Popular

More like this
Related

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...

” දෝරේ ගිය කිරි කඳුළ ” දොරට වැඩුම සැප්තැම්බර් 05

ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත" දෝරේ ගිය කිරි කඳුළ...