නිවාස ගිනිගත් ‘අසරණ’ මන්ත්‍රීවරුන්ට වන්දි

මැයි 09වනදා ඇතිවූ කලබලකාරී තත්ත්වයේදී නිවාස ගිනිගැනීමට ලක්වූ මන්ත්‍රීවරුන්ට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියත්මක බව වාර්තා වේ. මේ අතර හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීම අධික්ෂණය කිරීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබ සිටී. එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ආචාර්ය සුරේන් බටගොඩයි.

මේ අතර හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාගැනීමට අදාල මන්ත්‍රීවරුන්ට විවිධ පෝරම ගණනාවක්ම පිරවීමට සිදුවීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉකුත් මැයි මස නව වෙනිදා කළ පහර දීම් සහ ගිනි තැබීම් වලින් මන්ත්‍රීවරුන් 76 දෙනකුගේ නිවාස ඇතුළු දේපළ විනාශයට පත්වී තිබේ.

අරගලකරුවන් විනාශ කළ තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකේ නිවාස ලෙසත් තට්ටු දෙකේ නිවාස තට්ටු තුනේ නිවාස ලෙසත් සකස් කර ලබාදිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

මැයි 09 කලහකාරී සිදුවීම් හේතුවෙන් අගතියට පත් දේශපාලනඥයන්ට සාධාරණය ඉටු නොවන්නේ නම් අනාගත පරපුර දේශපාලනයට අවතීර්ණ වීම ප්‍රතික්ෂේප කරනු ඇති බවත්, එසේ වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් වනු ඇති බවත් වජිර පවසයි.

නමුත් ජනතාව පවසමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට නම් මෙම නිවාස ගොනැගීමට මුදල් සොයාගත් ආකාරයද හෙළිකල යුතු බවයි. එසේම නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට පසුගියදා රජයේ වියදමින් ඉදිකළ නිවාස ලබාදී තිබුණි. නැවතත් වන්දි ලබාදෙන්නේ එයට අමතරවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...