නිවාස ගිනිගත් ‘අසරණ’ මන්ත්‍රීවරුන්ට වන්දි

මැයි 09වනදා ඇතිවූ කලබලකාරී තත්ත්වයේදී නිවාස ගිනිගැනීමට ලක්වූ මන්ත්‍රීවරුන්ට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියත්මක බව වාර්තා වේ. මේ අතර හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීම අධික්ෂණය කිරීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබ සිටී. එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ආචාර්ය සුරේන් බටගොඩයි.

මේ අතර හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාගැනීමට අදාල මන්ත්‍රීවරුන්ට විවිධ පෝරම ගණනාවක්ම පිරවීමට සිදුවීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉකුත් මැයි මස නව වෙනිදා කළ පහර දීම් සහ ගිනි තැබීම් වලින් මන්ත්‍රීවරුන් 76 දෙනකුගේ නිවාස ඇතුළු දේපළ විනාශයට පත්වී තිබේ.

අරගලකරුවන් විනාශ කළ තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකේ නිවාස ලෙසත් තට්ටු දෙකේ නිවාස තට්ටු තුනේ නිවාස ලෙසත් සකස් කර ලබාදිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

මැයි 09 කලහකාරී සිදුවීම් හේතුවෙන් අගතියට පත් දේශපාලනඥයන්ට සාධාරණය ඉටු නොවන්නේ නම් අනාගත පරපුර දේශපාලනයට අවතීර්ණ වීම ප්‍රතික්ෂේප කරනු ඇති බවත්, එසේ වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් වනු ඇති බවත් වජිර පවසයි.

නමුත් ජනතාව පවසමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට නම් මෙම නිවාස ගොනැගීමට මුදල් සොයාගත් ආකාරයද හෙළිකල යුතු බවයි. එසේම නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට පසුගියදා රජයේ වියදමින් ඉදිකළ නිවාස ලබාදී තිබුණි. නැවතත් වන්දි ලබාදෙන්නේ එයට අමතරවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...