Breaking News

“මොකක්ද මේ ජීවිතේ”

රසිකා මුණසිංහගේ

ඇය හොරකම් කර නැත.
ඇය දූෂණයට සම්බන්ධ නැත.
ඇය අනෙකා රවටා නැත.
ඇය බොරු පොරොන්දු දී නැත.
ඇය කොමිස් ගසා නැත.
ඇය පගා ගෙන නැත.

ඇය පොළවේ පයගසා ජීවත්වන අතිශය සාමාන්‍ය ගැහැණියක් .
කුලියක් මලියක් කර ඈ ජීවිතය ජීවත් කරයි.
ඇගේ කුසට යමක් වැටුනේනම් ඒ ඇගේ මහන්සියේ ප්‍රතිපලයයි.

එහෙත් දැන් ඇයට බතක් මාළුවක් පිසගන්න ක්‍රමයක් නැත.
ලිපක් රත්කර කහට උගුරක් බොන්නටවත් පිනක් නැත.

හේතුව;

“තුන්හෙළේ ගිනි අවුලා
මුළු රටම ගිනි තැබුවා ……”

ගීතයට අසීමාන්තික ලෙස ප්‍රේම කිරීමයි.

 

leave a reply