Breaking News

ඉතාලි රජයේ සහන පැකේජයෙන් ඔබට අත්වෙන වාසි මොනවද? කඩිනමින් ඉල්ලුම් පත් පුරවන්න ඕනේ මොනවාටද?

තීමස් විජිත්

කූරා ඉතාලිය – මේ තොරතුරු සමස්ත ඉතාලියටම අදාලව ක‍්‍රියාත්මක වන සහන පැකේජය වන කූරා ඉතාලිය පිළිබඳව වන අතර එහිදී තනි තනි පුත්ගලයාට අදාලව කරුණු ඇතුලත් වනවා වගේම ඒ සඳහා ඉල්ලූම් කිරීමට තනි තනි අයට තිබෙන අවස්ථාව සීමිත බවද සැලකිය යුතුය . මේ කාරණා සියල්ල කොන්ත‍්‍රාත් එකක් සහිතව සේවයේ නියතු අයට වැඩිපුර අදාල වන අතර එයින් තමාට අදාල තත්වයන් අවබෝධ කර ගැනීම වැදගත්. මෙම ප‍්‍රතිපාදන නොලබන සෙසු සියලූ අය වෙනුවෙන් ඒ ඒ කොමූණ ආයතන මගින් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මකවන අතර ඉතා ඉක්මනින් ඒ පිළිබඳ විස්තර ගෙන එමු. පහත සටහනින් පැහැදිලි කරන්නේ සමස්ත ඉතාලියට අදාළ කුරා ඉතාලියා වැඩපිළිවෙලයි .

කූරා ඉතාලිය
වැඩ කරන ජනයාටල නිෂ්පාදන හෝ සේවා ආයතන වලටල පවුල්වලට සහ සෞඛ්‍ය සේවයේ නියැලෙන්නන්ට ප‍්‍රදානය කරන සහන පැකේජයට අදාල සමස්ත තොරතුරු.
Cura Italia: tutte le misure per famiglie, lavoratori, imprese e sanità
කෝවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වී තිබෙන ඉතාලි ජන ජීවිතය නගා සිටුවීම සඳහා ඉතාලියේ රජය ගනිමින් තිබෙන සහන පියවරයන්.


වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සඳහා
Straordinari medici
වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට මේ දිනවල අමතර ගෙවීම් සඳහා යුරෝ මිලියන 150ක් වෙන්කර ඇත.


වෛද්‍ය සේවයට අලූත් අයට අවස්ථාව
Laurea abilitante in medicina
වෛද්‍ය උපාධිය හැදෑරූ අය සඳහා රජයේ කඩයිම් විභාගයට පෙනී නොසිට වෛද්‍ය සේවයට ඇතුල්වීමට ඉඩකඩ ලබාදීම.


දේපොල පවරා ගැනීමේ බලය
Alberghi requisibili
සමාජ සුභසාධන හා ආරක්ෂක ප‍්‍රධානියා හට රෝගීන් වෙත සහන සැපයීමට අවශ්‍ය විටෙක හෝටල්ල නිවාස හෝ ගොඩනැගිලි පවරාගැනීමේ බලය පැවරීම.


ළමුන් රැකබලා ගැනීමේ වැඩිහිටි සහනය
Congedo parentale
පාසල් වැසීම නිසා දරුවන් බලාගැනීමේ අවශ්‍යතාවය මුල්කොටගෙන දෙමාපියන් දෙදෙනාම රැකියාවේ යෙදේ නම් එක් අයකුට හෝ දෙදෙනාටම දින 15ක වැටුප් සහිත නිවාඩු ලබාගැනීමට හැකියාව ඇත. වයස අවුරුදු 12 ට අඩු ළමුන් සිටීනම් එම අයිතිය හිමිවන අතර ඊට වැඩි ළමුන් සිටින දෙමව්පියන් සඳහා දින 15 ක නිවාඩු කාලය ලැබුනත් ගෙවීම් ලැබෙන්නේ නැත. ආබාධිත දරුවකු සිටීනම් මෙම වයස අදාල වන්නේ නැත.


දරුවන් බලා ගැනීමේ යුරෝ 600 දීමනාව
Bonus baby sitter
කලින් සඳහන් කළ වැටුප් සහිත නිවාඩු ලබාගන්නවා වෙනුවට දරුවන් රැකබලා ගැනීම සඳහා සේවයට කෙනෙකු ගන්නේ නම් යුරෝ 600ක මුදලක් ගෙවන අතර එම පවුල්වල සෞඛ්‍ය සේවයේ හෝ පොලිසියේ සාමාජිකයින් සිටීනම් එම මුදල යුරෝ 1000ක් වෙයි.


කම්කරු පන්තිය වෙනුවෙන් ලබාදී තිබෙන සහන අවස්ථා
සේවයෙන් පහ කිරීම
Nei prossimi due mesi vietato licenziare
ඊළග මාස 2ක කාලය ඇතුළත කිසියම් සේවකයකු රැකියාවෙන් ඉවත් කිරීමට ස්වාමියාට බලයක් නැත.


රජයේ අරමුදලින් ගෙවීම
Ampliamento cassa integrazione in deroga
2020 පෙබරවාරි 23 වන විට රැකියාවේ යෙදී සිටිල මෙම හේතුව නිසා රැකියාව නැවැත්වූ හෝ පැය ගණන අඩු වූ සේවකයින් වෙනුවෙන් රජයේ සමාජ රැකවරණ අංශයෙන් ප‍්‍රතිපාදන ඉල්ලා සිටීමට ආයතන හිමිකරුට අවස්ථාව ලැබෙයි. (සේවකයින් පහක් පහළොවත් අතර සිටින ආයතන ) එසේ ඉල්ලූම් කරන සේවකයින් සඳහා සති නමයක කාලයකට යුරෝ 1400 ක පමණ මුදලක් ලැබීමට හැකියාව ඇත. එහිදී නිවාඩු දින ඉතිරිවී තිබේනම් එම කොටස ආයතන හිමිකරු දරණ අතර ඉතිරිය INPS ආයතනයෙන් ගෙවනු ඇත.


පඩි පතට යුරෝ සීයක් එකතු වීම
100 euro in busta paga 2020
මාර්තු මාසේ වැටුපට යුරෝ 100ක මුදලක් එකතු කිරීමට යෝජනා කර සිටී. මෙය දැනට ගෙවන රෙන්සි දීමනාවට අමතර ගෙවීමකි.


ගෙවීම් සඳහා සහන කාලයක්
Sospensione versamenti fiscali
ඉහත දැක්වූ ආයතන විසින් රාජ්‍ය ආයතන සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීමට මැයි 31 දක්වා සහන කාලයක් ලබා දී ඇති අතර ඒ දිනයට එකවර ගෙවීමට හෝ කොටස් පහක් ලෙස වාරික ක‍්‍රමයට ගෙවිය හැක.
ආයතන විසින් හෝ පුද්ගලයින් විසින් අනිවාර්යෙන් ගෙවීමට නියම වූ ගෙවීම් කිරීමටද මැයි 31 දක්වා කල් දී ඇත.


යුරෝ 600ක දීමනාවක්
600 euro di bonus per autonomi e partite Iva
ස්වයං රැකියා කරන අයටල විශේෂඥ රැකියාවල නියුතු අයටල ටැක්ස් කෝඞ් එකක් හිමි අයට (Partita IVA) යුරෝ 600ක දීමනාවක් ගෙවීමට යෝජනා කර සිටී. එය ඔන්ලයින් මගින් INPS ආයතනයෙන් ඉල්ලූම් කල හැකි අතර ඒ සඳහා යුරෝ මිලියන 170 ක් වෙන් කර ඇත.


ආයතන කුලී ගෙවීමේ සහනය
Credito di imposta per autonomi su canoni d’affitto
ඒ වගේම එවැනි අයට තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා ගෙවන කුලියෙන් 60% ක සහනයක් හිමි වෙයි.


ණය ගෙවීමේ සහන
Stop mutuo per partite Iva
තවද පළමු නිවාසය සඳහා අදාල ණය ගෙවීමේදී 2019 අවසන් කාර්තුවේ ආදායමට වඩා සිය ආදායම 2020 මුල්කාර්තුවේ සියයට 33 කින් අඩු නම් මාස නවයක් සඳහා නොගෙවීමේ සහනයක් ලැබෙනු ඇත. ඒ වෙනුවෙන් යුරෝ මිලියන 500ක මුදලක් වෙන්කර ඇත.


සංචාරකල කලා සහ සංස්කෘතික ක්ෂේත‍්‍රයට සහන
Sussidi per turismo, spettacolo e cultura
සංචාරකල කලා සහ සංස්කෘතික ක්ෂේත‍්‍රයේ අය සඳහා ද යුරෝ මිලියන 130 ක මුදලක් වෙන්කර තිබෙන අතර වසරක කාලයක් තුල භාවිතා කිරීම සඳහා වවුචරයක් ඔවුන් වෙත ලබා දෙනු ඇත.


ටැක්සි හිමිකරුවන්ට සහන
Tassisti
ටැක්සි හිමිකරුවන් සඳහා මිලියන දෙකක මුදලක් වෙන්කර තිබෙන අතර රියදුරු අසුන සහ අනෙකුත් අසුන් එකිනෙකට වෙන් කිරීමේ කටයුතු වලට අදාළව මෙම ගෙවීම් කරයි.


කෘෂිකර්ම හා ධීවර ක්ෂේත‍්‍රය
Agricoltura e pesca
කෘෂිකර්ම හා ධීවර ක්ෂේත‍්‍රය සඳහා යුරෝ මිලියන 100ක් වෙන්කර තිබෙන අතර පසුගිය වසර දෙකක කාලයේ ණය සහ පොලී වියදම් අනුව මෙම ගෙවීම් සිදු කෙරෙනු ඇත.


ආයතන රැකවරණ සඳහා වැඩිපුර මුදල්
Fondo di garanzia
ආයතන රැකවරණ සඳහා වෙන් කරන තිබෙන මිලියන 2.5 ක මුදල මිලියන 5.00 දක්වා වැඩිකර ඇත.


නිවාස අත්හැරයාමට දුන් නියෝග
Proroga sfratti
නිවාස අත්හැරයාමට නියෝග නිකුත්කර තිබේනම් එම කාලවකවානුව ජුනි 30 දක්වා දීර්ඝ කර ඇත.


ගෘහ සහ උපස්ථාන සේවය
Sospensione contributi colf
ගෘහ සහ උපස්ථාන සේවයේ යෙදෙන්නන් සඳහා එම ස්වාමිවරු ගෙවිය යුතු වාරික මුදල පෙබරවාරි 23 සිට මැයි 31 දක්වා අත්හිටුවා ඇති අතර ඊළග ගෙවීම ජුනි 10 දක්වා කල් දමා ඇත.


අලූතින් රියදුරු බලපත් ඉල්ලූම් කිරීම
Nuove patenti
අලූතින් රියදුරු බලපත් ඉල්ලූම් කිරීමේ කටයුතු නවතා දමා ඇත.


හැඳුනුම්පත සහ රියදුරු බලපත‍්‍රය
Proroga carta di identità
හැඳුනුම්පත සහ රියදුරු බලපත‍්‍රයේ වලංගු කාලය මාර්තු 18 වන විට අවසන් වීමට තිබුනේ නම් ඒවායෙහි වලංගු කාලය අගෝස්තු 31 දක්වා දීර්ඝ කර ඇත.


වාහන තත්ව පරීක්ෂණ වාර්තා
Revisioni auto, moto o motorini
වාහන තත්ව පරීක්ෂණ වාර්තා ජූලි 31 වන විට අවසන් වේ නම් ඒ සියල්ල ඔක්තෝබර් 31 දක්වා දීර්ඝ කර ඇත.


වාහන රක්ෂණ බලපත් අවලංගු වන කාලය
Rc Auto
වාහන රක්ෂණ බලපත් අවලංගු වන දිනයේ සිට නැවත අලූත් කිරීම සඳහා මෙතෙක් ලබාදී තිබූ දින 15ක අමතර කාල සීමාව මාසයක් දක්වා දීර්ඝ කර ඇත.


වාහන දඩ ගෙවීමේ කටයුතු
Proroga pagamento multe
වාහන දඩ ගෙවීමේ කටයුතු සඳහාද සහනයක් සලසා ඇත. සාමාන්‍යයෙන් දඩ ගෙවීමේදී දින 5ක් ඇතුලත ගෙවන්නේනම් මුලූ මුදලින් සියයට 30%ක් අඩුවෙන් ගෙවීමට අවස්ථාව ලබා දී තිබූ අතර එම දින 5 සහන සීමාව දින 30 දක්වා දීර්ඝ කර ඇත. මැයි අවසානය දක්වා ලැබෙන දඩ ගෙවීමේදී මෙම සහනය වලංගු වේ.


උපකාර අවශ්‍ය අය සඳහා වෙනත් සහන
Aiuti/contributi per persone indigenti
උපකාර අවශ්‍ය අය සඳහා ආහාර ද‍්‍රව්‍ය සැපයීමට මිලියන 50ක මුදලක් වෙන්කර ඇත.


පාසැල් ඉගැන්වීම් කටයුතු
Scuola: didattica a distanza
දුරස්ත ක‍්‍රමවේදයට පාසැල් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම වෙනුවෙන් යුරෝ මිලියන 85ක් වෙන්කර තිබෙන අතර ඉන් මිලියන දහයක් අවශ්‍ය අවසරපත් සඳහාද මිලියන 5ක් අදාල ගුරුවරුන් සඳහා ද ඉතිරි මිලියන 70 ශිෂ්‍යයින්ට අවශ්‍ය පරිගණක හා ටැබ්ලට් වැනි උපාංග පාවිච්චි කර ලබා දීමේ පදනමින් ඔවුන් වෙත ලබා දීමට වෙන්කර ඇත.


කුරා ඉතාලියා සහන පැකේජය වෙනුවෙන් යුරෝ මිලියාර්දි 25ක් වෙන්කර තිබෙන අතර ඊට අමතරව ඉතාලියේ සියලූ කොමූණ ආයතන සඳහා යුරෝ මිලියන 400ක මුදලක් වෙන්කර ඇත.

මෙයින් බහුතර මුදලක් මෙම හදිසි තත්වය වෙනුවෙන් වැය කරන ලෙසට මධ්‍යම රජය කොමූණ ආයතන වලින් ඉල්ලා සිටී. ඒ අනුව ඒවායෙහි සමාජ සුභසාධන අංශය හරහා අදාල පවුල් හඳුනාගෙන උපකාර ලබා දෙනු ඇත. ඒ පිළිබඳ වෙනම පැහැදිලි කිරීමක් පසු ලිපියකින් ඉදිරිපත් කරමු.

ඉහත  කරුණු වලට අදාල වැඩි විස්තර සහ ඉල්ලුම් කිරීම් සඳහා  පහත ලින් එක පාවිච්චිකරන්න .

https://serviziweb2.inps.it/RichiestaPin/jsp/menu.jsp?fbclid=IwAR2q6yvqXY9OSorMz_iyYUkhoRtj3hoUYj_fTsPO8ApBKcGXJXdmZg3dwh0

leave a reply