සමස්ත අපයෝජන සංස්කෘතියම කුඩුපට්ටම් කළ යුතුය

අපයෝජනය යනු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ හැසිරීමක් පමණක් නොවේ, එය සංස්කෘතියකි.
ළමයින් හා ස්ත්‍රීන් ගැන පවතින සමාජ ආකල්ප, සමාජයේ බල විෂමතා, වින්දිතයන් අවතක්සේරු වීම , බලවතුන්ට දණ්ඩමුක්තිය ලැබීම, නීතිය හා ආරක්ෂාව සහතික කළ යුතු ආයතන දුර්වල කිරීම හෝ බලපෑම්වලට යටත් වීම, අපයෝජනය සාමාන්‍යකරණය කරන භාෂාව, කලාව, මාධ්‍ය ඇතුළු බොහෝ සාධක එක්ව මෙම අපයෝජන සංස්කෘතිය නඩත්තු කරයි.
එනිසා අපයෝජනයට එරෙහි සටන යනු අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම පමණක් නොව, අපයෝජනයට ඉඩ සලසන බල ව්‍යුහයන් බිඳ දැමීමද වේ.

පල්ලෙගම හේමරතන නඩුව තීරණාත්මක වන්නේ ඒ නිසයි. සියලු අපයෝජකයන් නීතිය ඉදිරියේ වගකිව යුතු අතර ඔවුන්ට නීත්‍යානුකූල දඬුවම් හිමි විය යුතු බව පිළිබඳ කිසිදු සැකයක් නැත. එනමුත් පල්ලේගම හේමරතන වැනි දැවැන්ත සමාජ/ආගමික බලයක් හිමි, දැනටමත් පෙන්වා ඇති ලෙස නීතිය දණගැස්වීම්ට තරම්, පක්ෂ විපක්ෂ දේශපාලකයින් හා මාධ්‍යය නිහඬ කිරීමට තරම් බලපෑම්සහගත පුද්ගලයෙකු චූදිතයෙකු වූ සිද්ධියක යුක්තිය ඉටු වීම සමස්ත අපයෝජන සංස්කෘතියටම මරු පහරක් වනු ඇත. සියලු අපයෝජකයන් වෙත ලබාදෙන ප්‍රබල සංඥාවක් වනු ඇත.

රටේ බලවත්ම පුද්ගලයෙකුට පවා නීතියෙන් ගැලවිය නොහැකි නම් කිසිවෙකුටත් ගැලවිය නොහැකි බවට පැහැදිලි පණිවිඩයක් එය සමාජයට ලබා දෙනු ඇත.

ශ්‍යාමා බස්නායක

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...