මිනිස්සුන්ට තෙල් ගන්න සල්ලි නැතිකොට ආයෙත් කිව් ආර් මොකටද?

ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සඳහා ඉදිරියේදී කිව් ආර් ක්‍රමවේදය තදින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව බලශක්ති ඇමති අනුර කරුණාතිලක පැවසීය.

අද (01) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව පැවසු බලශක්ති ඇමතිවරයා එසේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීම මගින් ආර්ථිකයට සිදුවන බලපෑම යම් පමණකින් සමනය කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

මැයි මාසය වනවිට ඩොලර් මිලියන 524ක් ඉන්ධන ආනයනය සඳහා වැයකර ඇති බවත්, එය තවදුරටත් දරාගත නොහැකි වියදමක් බවත්, රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා ඉන්ධන පරිභෝජනය අඩුකළ යුතු බවත්, එසේ නොවුනහොත් රටේ ආර්ථිකයට ඉන් බලපෑමක් එල්ල විය හැකි බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවේ ආර්ථික ස්ථාවර පුදුම එළවන සුළු ඒවායි. වාහන ආනයනය දිගින් දිගටම සිදුකරන විට රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය ගැන ආණ්ඩුවට ගානක් තිබුනේ නැත. දැන් අත්‍යවශ්‍ය තෙල් මිලදී ගැනීමේදී ආණ්ඩුවට ඩොලර් ගැන මතක් වී තිබේ. එසේම ආණ්ඩුවට කිව් ආර් දමා පාලනය කිරීමට දෙයක් ඉතිරි නොවනු ඇත්තේ අධික මිල නිසා ජනතාව කොහොමත් තෙල් මිලදී ගැනීම සීමා කරනු ඇති නිසායි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...