මිනිස්සුන්ට තෙල් ගන්න සල්ලි නැතිකොට ආයෙත් කිව් ආර් මොකටද?

ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සඳහා ඉදිරියේදී කිව් ආර් ක්‍රමවේදය තදින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව බලශක්ති ඇමති අනුර කරුණාතිලක පැවසීය.

අද (01) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව පැවසු බලශක්ති ඇමතිවරයා එසේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීම මගින් ආර්ථිකයට සිදුවන බලපෑම යම් පමණකින් සමනය කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

මැයි මාසය වනවිට ඩොලර් මිලියන 524ක් ඉන්ධන ආනයනය සඳහා වැයකර ඇති බවත්, එය තවදුරටත් දරාගත නොහැකි වියදමක් බවත්, රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා ඉන්ධන පරිභෝජනය අඩුකළ යුතු බවත්, එසේ නොවුනහොත් රටේ ආර්ථිකයට ඉන් බලපෑමක් එල්ල විය හැකි බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවේ ආර්ථික ස්ථාවර පුදුම එළවන සුළු ඒවායි. වාහන ආනයනය දිගින් දිගටම සිදුකරන විට රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය ගැන ආණ්ඩුවට ගානක් තිබුනේ නැත. දැන් අත්‍යවශ්‍ය තෙල් මිලදී ගැනීමේදී ආණ්ඩුවට ඩොලර් ගැන මතක් වී තිබේ. එසේම ආණ්ඩුවට කිව් ආර් දමා පාලනය කිරීමට දෙයක් ඉතිරි නොවනු ඇත්තේ අධික මිල නිසා ජනතාව කොහොමත් තෙල් මිලදී ගැනීම සීමා කරනු ඇති නිසායි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...