නේපාලයේ ඇවිල ගිය විරෝධතා විසින් එරට පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ආයතන ගණනාවක් ගිනිතබා විනාශ කරන ලදී. මේවනවිට එරට හමුදාව නගරවල ආරක්ෂාව සඳහා යොදවා ඇති බව වාර්තාවේ. බොහෝ දෙනෙක් මත පළකරන්නේ මේ හරහා හමුදා පාලනයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.
අගමැතිවරයා ඉල්ලා අස්වුවද, තවමත් කඩ මංකොල්ලකෑම්, ගිනිතැබීම් වාර්තා විය. මේ හේතුව නිසා හමුදාව යෙදවීම සාධාරණියකරණය කිරීමද දක්නට ලැබේ. කෙසේවෙතත් දේශපාලන විචාරකයන් දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවීමේ අවධානමක් ගැන අනතුරු අඟවා තිබේ. 2008 සිට ආණ්ඩු 13 ක් පිහිටුවා තිබේ. නමුත් රටේ ප්‍රශ්න විසදා දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකිරීමට කිසිම ආණ්ඩුවක් සමත් වී නැත.
මෙහි භයානකම කාරණය වන්නේ ඊළඟට කුමක් සිදුවේදැයි කිසිවෙකුට පැවසිය නොහැකි වීමයි.
නමුත් මෙම තරුණ තරුණියන්ගේ කෝපය ඉතා සාධාරණ බව අමුතුවෙන් පැවසිය යුතු නැත.
දින කිහිපයක් පැවති විරෝධතා වඩා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගනු ලැබුවේ සැප්තැම්බර් 08 පැවති විරෝධතාවලදී පුරවැසියන් 20කට ආසන්න ගණනක් ඝාතනය වීමත් සමඟයි. විරෝධතා තීව්ර වීමත් සමඟ නේපාල අගමැති ශර්මා ඔලි ඉල්ලා අස්වී තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද ඉල්ලා අස්වී තිබේ.
එසේම හමුදාව හා පොලිසිය විරෝධතාකරුවන්ට සහයෝගය ලබාදීම ද විශේෂත්වයක් විය.
මෙම විරෝධතාවයේ සිටි බොහෝ පිරිසක් තරුණ වියේ පසුවන්නන් විය. ඔවුන්ගේ විශාල විරෝධයක් එල්ල වී තිබුනේ රටේ පවතින දුෂණය සහ නාස්තියටයි. එහිදී රටේ බලවත් පුද්ගලයන්ගේ දරුවන් සැපවත් ජීවිත ගත කරද්දී තමන්ට දුක්ඛිත ජීවිත ගතකිරීමට සිදුවීම ගැන ඔවුන්ගේ විරෝධය එල්ල වී තිබුණි. මෙම තරුණ විරෝධතා ඉතා සාධාරණ බව පෙනෙන්නේ නේපාල ජනතාව සම්බන්ධයෙන් වාර්තා විමසූ බැලූවිටයි.
2006 දී සිදුවූ වූ රාජාණ්ඩුව අහෝසි කිරීම දක්වා ගමන් කළ මහජන නැගිටීමෙන් පසු සිදුවූ විශාලතම මහජන නැගිටීම මෙයයි. 2006 දින 19ක් පුරා ඇවිල ගිය මහජන විරෝධතාවලදී 18 දෙනෙක් මියගොස් තිබුණි. නමුත් මෙම විරෝධතාවයේදී එක් දිනකදී විරෝධතාකරුවන් 19 දෙනෙකු ඝාතනය වී තිබුණි.
පළමුව: නේපාල තරුණ තරුණියන් අතර මෙම කෝපය බොහෝ කලක් කැකෑරෙමින් තිබී ඇති බව විචාරකයන්ගේ අදහසයි . ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ මහජන නැගිටීම්වලට ස්වභාවය නේපාල ජනතාව දැක තිබුණි. දශක දෙකකට පමණ පෙර අවසන් වූ නේපාලයේ සිවිල් යුද්ධයෙන් පසු ජනතාව තුළ නව බලාපොරොත්තු ගොඩනැගී තිබුණි . නේපාලයේ සංස්ථාපිත පක්ෂ අතරින් ප්‍රමුඛ වූයේ නේපාල කොංග්‍රසය සහ ශර්මා ඔලිගේ නේපාල කොමියුනිස්ට් පක්ෂය (එක්සත් මාක්ස්-ලෙනින්වාදී) යන ඒවායි.
මෑතකදී බලයට පත් වූ රජයට නායකත්වය දුන් එම පක්ෂ නව ප්‍රජාතන්ත්‍රවාදී උදාවක් පොරොන්දු විය. මාඕවාදීන් ආයුධ බිම තබා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ඉදිරිපත් වීමට එකඟ වූ අතර මිලියන සංඛ්‍යාත නේපාල ජාතිකයින්ට වඩාත් සාධාරණ සමාජයක් පිළිබඳ බලාපොරොත්තු ලබාදී තිබුණි. පසුව, බොහෝ දුරට එම පොරොන්දු එකින් එක බිඳ වැටුණි.
මාඕවාදීන් යුද්ධයෙන් පසු පැවැත්වූ පළමු මැතිවරණයෙන් ජය ලැබීම නේපාලයේ ජනතාව වෙනසක් සඳහා කොතරම් උනන්දුවකින් සිටිනවාද යන්න පිළිබඳ ලකුණකි. නමුත් මාඕවාදීන් කිසිදු සැබෑ බලපෑමක් කිරීමට අපොහොසත් වූ අතර ඉක්මනින් තවත් සංස්ථාපිත පක්ෂයක් බවට පත්විය. ඔවුන්ගේ අසාර්ථකත්වය වඩාත් හොඳින් සංකේතවත් කරනු ලැබුවේ ඔවුන්ගේ නායකයා – සභාපති ප්‍රචණ්ඩා – ඉක්මනින්ම ඔහුගේ විප්ලවීය ගුණයට වඩා ඔහුගේ පෞද්ගලික ධනය සඳහා ප්‍රසිද්ධියට පත් වූ ආකාරයෙනි. පසුව පැවති මැතිවරණවලදී ද ඡන්ද ප්‍රධාන වශයෙන් සංස්ථාපිත පක්ෂ තුන අතර බෙදී ගොස් ඇති අතර, එකම අපකීර්තිමත් නායකයින් නැවත නැවතත් බලයට පැමිණ ඇත.
නේපාලය තුළ බදු බර ඉහළ මට්ටමක පැවතුනද, මහජන සේවාවන් තවමත් දුර්වල මට්ටමක පවතී. ලෝක බැංකුවට අනුව 2024 වසරේදී නේපාලයේ විරැකිය අනුපාතය 20%කි. රටේ බොහෝ පිරිසකට යැපීමට සිදුව තිබුනේ අස්ලවාසි රටවල ඉතා අහිතකර කොන්දේසි යටතේ රැකියා කරන තරුණ තරුණියන් එවන මුදල් හරහායි. නමුත් රටේ දේශපාලන ප්‍රභූවේ පිරිස් ඉතා යෙහෙන් වැජඹෙමින් සිටියි.
නමුත් දේශපාලන විචාරකයනේ මෙම අරගල හරහා අන්ත දක්ෂිණාංශික ආණ්ඩුවලට බලය ලබාදීමෙන් කෙළවර වීම ගැන මත පළකරමින් සිටියි. ඔවුන් පවසන්නේ බංගලාදේශයේ සහ ලංකාවේ එය සිදුවූ බවයි. ඒ සමඟ, 2010 දශකයේ මුල් භාගයේ අරාබි වසන්තයට සමාන දකුණු ආසියානු වසන්තයක් පෙන්නුම් කරන බව ඔවුන්ගේ අදහසයි.
මෙම අරගලවලට බලපාන හේතු නොතකා හැරිය නොහැක. දූෂිත ආණ්ඩු පිළිබඳ වෙහෙසට පත් වූ ජනතාව මෙම අරගලවලට සම්බන්ධ වේ . නමුත් ඒ සමඟම: නිසි නායකත්වයක් නොමැති වීම විසින් ඒවාගේ අවසානය තවත් ධනපති ආණ්ඩුවකට පාර කපනු ලබයි.
නමුත් මෙම විවිධ අරගල හරහා අමතක කළ නොහැකි පාඩමක් ලෝකයට ඉතිරි කර තිබේ. එනම් රටක පාලකයන් දූෂිත නම් ජනතාව එකතුව ඔවුන් පන්නා දැමීමේ බලයක් ජනතාව තුළ ඇති බවයි. ජනතා බලය සෑම බලයකටම වඩා ඉදිරියෙන් සිටින බවයි.