ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමි වී ඇත.
මෙම පනතට විරුද්ධව ඡන්දය ලබා දුන්නේ අමාත්‍ය චාමර සම්පත් දසනායක පමණි.
ඒ අනුව ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණි.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුනි..
දෙවැනි වර කියැවීමේ විවාදයෙන් පනත සම්මත වූ පසුව කාරක සභා අවස්ථාව එළැඹි අතර කිසිදු සංශෝධනයක් එම අවස්ථාවේදී පනතට ඉදිරිපත් කරනු ලැබුවේ නැත.
ඒ අනුව පනත තුන්වැනි වර කියැවීමේ අවස්ථාව පැමිණි අතර, එහිදී පනත සම්මත කර ගැනීමට කටයුතු කරනු ලැබිණි.