ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට විරුද්ධව එක ඡන්දයයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමි වී ඇත.

මෙම පනතට විරුද්ධව ඡන්දය ලබා දුන්නේ අමාත්‍ය චාමර සම්පත් දසනායක පමණි.

ඒ අනුව ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණි.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුනි..

දෙවැනි වර කියැවීමේ විවාදයෙන් පනත සම්මත වූ පසුව කාරක සභා අවස්ථාව එළැඹි අතර කිසිදු සංශෝධනයක් එම අවස්ථාවේදී පනතට ඉදිරිපත් කරනු ලැබුවේ නැත.

ඒ අනුව පනත තුන්වැනි වර කියැවීමේ අවස්ථාව පැමිණි අතර, එහිදී පනත සම්මත කර ගැනීමට කටයුතු කරනු ලැබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...