වසර හතරක් තුළ භික්ෂූන් අතින් සිදු වූ අපයෝජන 488 ක් 

පල්ලේගම හේමරතන භික්ෂුවගේ ළමා අපයෝජන සිදුවීම සමාජගත වීමෙන් පසුව ඔහුට පක්ෂපාතී බොහෝ පිරිසක් ප්‍රකාශ කරන්නට පටන් ගත්තේ එය බෞද්ධ ආගමික පදනමට කැලැල් ඇති කරන්නට ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි . දිනුම් අමුණුගම වැනි දේශපාලකයන් මාධ්‍ය ඉදිරියට පැමිණ දැරිය ගණිකාවක් ලෙස හුවා දක්වන්නේ ද  ඉහත අරමුණ සාර්ථක කර ගැනීමේ අරමුණින් . 

කෙසේ වෙතත් ළමා ආරක්ෂක අධිකාරියේ වසර හතරක තොරතුරු විශ්ලේෂණය කර බලද්දී වාර්තා වී ඇති පරිදි භික්‍ෂූන් අතින් සිදු වෙච්ච අපයෝජන ප්‍රමාණය ඉතාම ඉහළ අගයක පවතිනවා. අපයෝජන 488 ක් වාර්තා වෙනවා . කෙසේ වෙතත් වාර්තා නොවුනු විශාල සිදුවීම් පවතින බව අපට වටහා ගන්න පුළුවන් . අද අප කතා කරන පල්ලේගම හේමරතනගේ ළමා අපයෝජනය පිළිබඳව කරුණු හෙළිදරව් වෙන්නේ අහඹු සිදුවීමක් ඔස්සේයි . එම සිදුවීම සිදු නොවුනානම් අදටත් හේමරතන භික්ෂුවගේ මෙම අපයෝජනය  රහසක් සේ පවතිනවා .

සමාජ ආරක්ෂකයන් සේ පෙනී සිටින ආගමික සංස්ථාව ඇතුළේ සිදුවන අපයෝජන සහ ෙනත් අනීතික ක්‍රියාවන් සමාජයට කාන්දු වන්නේ ඉතාමත් කලාතුරකින් සහ මන්දගාමීවය . කිසිසේත්ම මේ තොරතුරු හෙළිදරව් කිරීම බෞද්ධ ආගමික පදනම් බිඳ දැමීමට හෝ ය විනාශ කිරීමට කරන කුමන්ත්‍රණයක් නොව සමාජ රැකවලුන් ලෙස පෙනී සිටින ආගමික වස්ත්‍ර වලට යටින් තිබෙන නිරුවත හෙළිදරව් කිරීමකි . 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...