නව රක්ෂිත පහක්

එළඹෙන ලෝක පරිසර දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වනාන්තර පහක් රක්ෂිත ලෙස නම් කරන්න පරිසර අමාත්‍යංශය කටයුතු කරන බව මැයි 25 වන දා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවතී මාධ්‍ය හමුවකදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව රක්ෂිත ලෙස නම් කරන්නට රජය සූදානම් වන වනාන්තර පහ

  • රිටිගල රක්ෂිතය
  • අලියා වැටුණු වැව රක්ෂිතය
  • බුලාගල රක්ෂිතය
  • කෝන් කැටියාව රක්ෂිතය
  • කල්ලංචිය රක්ෂිතය වේ.

මෙම වනාන්තර පහේ වපසරිය හෙක්ටයාර් 2169 ක් පමණ වෙනවා.

ඉහත රක්ෂිත වලට අමතරව කුඩා බුබුල දියුණු උල්පත රක්ෂිතයත් එදින ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බවපරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ පවසා සිටියා.මෙම රක්ෂිතය නම් කිරීම වෙනුවෙන් ජල සම්පත් මණ්ඩලය සහ මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත් වෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...