65%ක විදුලි ගාස්තු ඉහළ යාම ජල ගාස්තුවටත් බලපායිද?

ඉදිරියේ දී විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුවුවහොත් ඊට සාපේක්ෂව ජල ගාස්තු ද ඉහළ දැමීමට සිදු වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පානීය ජලය බෙදා හැරීමේ දී පොම්ප කිරීමේ ක්‍රියාවලියට විදුලි ඒකක විශාල ප්‍රමාණයක් වැය වීම නිසා ඉහළ යන විදුලි ගාස්තුවට අනුරූපීව ජල ගාස්තු ඉහළ යෑම වැළක්විය නොහැකිව ඇති බවයි.

මේ අනුව විදුලි ගාස්තුව ඉහළ දැමීමක් සිදුවවුහොත් ඊට සාපේක්ෂව ජල ගාස්තුව ද ඉහළ දැමීමට අනිවාර්යෙන්ම කටයුතු කිරීමට සිදුවනු ඇති.

මේ අතර 65%කින් විදුලි බිලේ ගාස්තු ඉහළ දැමීමේ සම්බන්ධ යෝජනාව අද (02) දිනයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව මෙම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තු සහ ස්ථාවර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...