Breaking News

අලි කුණු කෑම සහ හිම වලසුන් කුණු කෑම

ලංකාවේ අලි මිනිස් ගැටුම දිනපතා ප්‍රවෘත්ති වල අනිවාර්ය පුවතක් බවට පත් වෙලා .ඒ සඳහා බලපාන ප්‍රධාන සාධකය වන්නේ ඔවුන්ගේ වාසස්ථාන ඔවුන්ට අහිමි වීම. අවම වශයෙන් අප සතුව තිබිය යුතු වනාන්තර ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට තරම්වත් අපි පොහොසත් මිනිසුන් නෙවෙයි.අද අපි මේ කතා කරන මොහොත වන විට අවම වශයෙන් ලංකාවේ 30% ක වන ඝනත්වයක් පැවතිය යුතුයි. නමුත් දැනට අප සතුව පවතින්නේ සියයට දාසයක් පමණ වූ ඉතාමත් අඩු වන ගහනයක්. එවන් වටපිටාවක් යටතේ තමයි අපට නිතරම අලි මිනිස් ගැටුම අසන්න ලැබෙන්නේ. ඔබ විනිශ්චයකරුවෙකු වී මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙනවා නම් හෘද ශාක්ෂියට එකඟව ඔබ සිටගත යුතු වෙන්නේ වන සතා වන අලියාගේ පාර්ශ්වයේ නොවේද? මිනිසුන් මේ සතුන්ගේ වාසභූමි විනාශ කර ඔවුන්ගේ පරිහරණයට ලබා ගැනීම නිසාවෙන් මේ අලි මිනිස් ගැටුම් ඇතිවී තිබෙන බව අපිට සරලව විග්‍රහ කරගැනීමට පුළුවන්. නමුත් අපි දන්නවා මේ ප්‍රශ්නය මේ තරම් සරල නැහැ. ඒක දීර්ඝ සමාජ-දේශපාලන කතිකාවතක කොටසක්. නූතන සංවර්ධන ව්‍යාපෘතිවල පාදඩ අතුරු නිර්මාණයක්.

අලි කුණු කෑම සහ හිම වලසුන් කුණු කෑම

මේ ඡායාරූප දෙකෙන් පෙන්වන්නේ ප්‍රදේශ දෙකක සත්ව විශේෂ දෙකකට අත්වෙලා තිබෙන ඉරණම ඔවුන්ව මේ තත්ත්වයට ඇද දමා තිබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල. ආහාර හිඟ ජලය හිඟ වනාන්තරවල සිට වන අඩවි සීමාවල ගොඩගසා තිබෙන කුණු කඳු කන්නට අලි එන්නා සේම දරුණු ලෙස හිම දියවී යන ප්‍රදේශ වල ජීවත් වෙන හිම වලසුන් තමන්ගේ වාසභූමි අහිමි වීම නිසාම ඒ හරහා තමන්ට ආහාර අහිමි වීම නිසාම ආහාර සොයාගෙන ඔවුන්ගේ වාසභූමි අසබඩ තිබෙන කුණු ගොඩවල් වෙතටපැමිණ කන්නට දෙයක් හොයන සිද්ධියකි මේ.

අපි අපේ අලියාව අසරණ කළා සේම මේ හිම වලසුන් වද අසරණ කර තිබෙනවා.

leave a reply