අමතක කිරීමට එරෙහිව දිගින් දිගටම මතක් කිරීමට අප පෙරමුණ ගත යුතුයි

Date:

අමතක කිරීමට එරෙහිව දිගින් දිගටම මතක් කිරීමට අප පෙරමුණ ගත යුතුයි. ආණ්ඩුවට මේ දිනවල වඩාත් හිසරදයක්ව පවතින්නේ X – press pearl නෞකාවේ වන්දි මුදල් කතාව.  වුරුදු දෙකක් මේ කතාව යටගහන්න විවිධ උපක්‍රම යොදලා  දැන් අවසන් දින කීපයට ළඟා වෙලා තියෙනවා.  අමතක කිරීමට එරෙහිව අපි පෙළ ගැසිය යුත්තේ ඇයි ? ඔවුන් අපිට අමතක  කරවීමට අදාළ මාතෘකා නිර්මාණය කර දෙමින් ඒවා ප්‍රචාරය කරමින් අප ඒ පසුපස ලුහුබැඳ යන්නට අවශ්‍ය කරන මානසිකත්වය නිර්මාණය කරනවා.

පාස්ට ජෙරම්  අලුත් කතිකාවතක් නිර්මාණය කළේ නැහැ.  ඔහු මෑතක් වෙනකම්ම මේ භූමිය මත මේ පොළොව මත  දේශපාලකයන්ගේ නුග්‍රහය ඇතිව ඔය සියලු මුසාවන් දොඩමින්  තමන්ගේ බිස්නස් එක හරියට කරගෙන ගියා.  එකපාරටම ඇයි මේ අපහාස කතාවක් කරළියට මතුවෙන්නේ සහ බුදුදහමට අපහාස කළා ක්‍රිස්තියානින් සහ බෞද්ධයන් අතර ගැටුමක් නිර්මාණය කරන්න  අවශ්‍ය කරන මූල බීජයන් නිර්මාණය කරනවා.  මේවා ඇත්තද?  බම්බුව තමයි……  මුන් හැමදාම ඒවා කරගෙන ගියා සහ ඒවට ගිය උන් ප්‍රීති ප්‍රමෝදයෙන් අහගෙන උන්නා මිස  ඒවා වීඩියෝ කරලා සමාජගත කළේ නැහැ.  ඒ සඳහා ඒ තැන්වල ඉඩක් තිබුණෙත් නැහැ.  එහෙම නම් මේ වීඩියෝ එක හදිස්සියේම එළියට බහින්නේ කොතනින්ද  වා සිද්ධවෙන්නේ උන් ගේම් අවශ්‍යතාව මත උන්ගේ අතින්මයි.  ඇයි මේ හදිස්සියේම මේවා ප්‍රසිද්ධියට පත් වෙන්නේ සමාජ මාධ්‍යට මුදා හැරෙන්නේ.  ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි අත්‍යවශ්‍යම දේවල් සමාජයෙන් යටපත් කරන්න සමාජයට අමතක කරවන්න  මිනිසුන්ව එදිනෙදා ජීවිතය තුළ මං මුලා කරන්න.  සාර්ථක වුනොත් උන්ට ලැබෙන ලාභය අති දැවැන්තයි.

අහසින් කඩා වැටුණු උන් නොව දේශපාලන බලපුළුවන්කාරකම් මත ජනතාව රවටන එවුන්

අවුරුදු දෙකක් මගහරිමින් තිබුණු X – press pearl  නෞකාවේ වන්දි කතාව,  නඩු දින,  කල් ඉකුත් වන දින ළංවන විට,  මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන් හිටපු පිරිස් ඉස්මතු කරගන්න පටන් ගත්තා. සමාජ අවධානය ඒ වෙනුවෙන් යොමු කරන්න පටන් ගත්තා.  දැන් මුන්ට ඒක ගැරඬියාට භූමිතෙල් වගෙයි.

ඔන්න සමාජය මඤ්ඤං වෙන ගැටයක් මුන් නිර්මාණය කරා.  රාජපක්ෂලාගේ මුඩුක්කු කුක්කෙක් ලෙස හිටපු ජෙරම් එකපාරටම එලියට ගන්නවා.  ජාතිවාදීන්ගේ ආගම් වාදීන් ගේ රෙද්ද කඩාගෙන වැටිලා දැං ජාතියයි ආගමයි  දෙකම රැකගන්න ජෙරම්ගෙන්  බේරගන්න  ගම්මන්පිලලා වැනි  තක්කඩින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  රිංගන්න පටන් අරන්.

මුන් මේ ඊළඟ දේශපාලන පිම්ම පනින අලුත් බිල්ලක් හොයන වෙලාව.  ගේම් ගහන  මුදල් වලට තමන්ගේ පවුල උනත් පාවා දෙන දේශපාලකයන්ගේ  උවමනාව මත  මේ දැවැන්ත පරිසර විනාශය සිදු වීම වළක්වා ගන්න අපට බැරි උනත් දැන් අපට ඉතිරි වෙලා තිබෙන්නේ ඊට අදාළ වන්දිය ලබා ගැනීමයි.  එනිසා මුන්ගෙ නාටකවලට හසුනොවී  මේ අන්තිම දින දෙකේ පවා  ඒ වෙනුවෙන් කළ හැකි උපරිම සටනට දායකත්වය සැපයිය යුතුයි.

X – press pearl  නෞකාවේ  ගින්නෙන් සිදු වූ විනාශය ට අදාළ වන්දිය  දූෂිත දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ  අත යට මුදල් කුට්ටි වලට යට නොකර  නිසි වන්දිය ලබා ගැනීම සඳහා ජනතාව පෙළගැසිය යුතුයි.  ඉතින් 18 වැනි දා වරල්ල පාරට.  උඹලට ඉතුරුවෙලා තියන මේ අන්තිම මොහොතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...