ඉන්දියානු බලපෑමට රනිල් යට වෙන හැඩ- පළාත් සභා මැතිවරණය සියල්ලට කලින්

Date:

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කිනම් මැතිවරණයද කියන කුතුහලය ජනතාව තුළ රඳවා තබන්නට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් රනිල් රාජපක්ෂ කණ්ඩායම් දෙකත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම ලෙස ජන බලවේගයෙ කණ්ඩායමත් නොනවත්වා දේශපාලන වේදිකාව මත වැඩ කරමින් ඉන්නවා. මැතිවරණය පිළිබඳ මේ බලාපොරොත්තු සහ මත පළ කිරීම් ගැටුම්කාරී ස්වභාවයකට පත් කරන්න රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නිතරම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ජනාදිපතිවරනය බව පවසනවා. පැහැදිලිවම මේ සියලු පාර්ශවයන් කරමින් සිටින්නේ කිසිවක් සිදු නොවන තැන තමන්ගේ ජනප්‍රියත්වය පවත්වා ගැනීම සඳහා ජනතාවට බොරු බලාපොරොත්තු ලබාදීමයි.

ඊළඟ IMF ණය වාරිකය ලැබෙයිද නොලැබෙයිද කියන ගැටලුව තුළ රනිල් හිරවී සිටින අතර මේ වන විට IMF එක පනවනු ලැබූ කොන්දේසිවලින් 25 ක් පමණක් රනිල්ට ඉෂ්ට කරන්න හැකියාව ලැබී තිබෙන බවට පුවත් පළ වෙනවා. IMF එක ණය ලබාදීම වෙනුවෙන් පනවනු ලැබූ කොන්දේසි වලින් හරි අඩකට වත් ආසන්න වෙන්න රනිල්ට තවම හැකියාව ලැබිලා නැහැ. මේ හේතුව මත ඉදිරි ණය වාරික ලැබෙයිද නොලැබෙයිද කියන ගැටළුවට දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දී ඉන්නවා.

මේ සියලූ දේ සිදු වෙන අතර රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා පවත්වමින් උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් වංචනික ක්‍රියාවලියක් ඉදිරියට ගෙන යනවා. මේ ක්‍රියාවලිය රනිල්ගේ තනි වුවමනාවට සිදුවන්නක් නොව දෙමළ ජාතික සන්ධානය ද තමන්ගේ දේශපාලන ප්‍රබෝධය රැකගැනීම සඳහා මේ මොහොතේ ගෙනයන පල නොදෙන කපටි සාකච්ඡා වටයක් පවත්වාගෙන යමින් සිටියි .

ඉදිරි දේශපාලන න්‍යාය පත්‍රයට අනුව රනිල් වික්‍රමසිංහ ජූලි 20 වෙනිදා ඉන්දියානු අගමැති මෝදි ව මුණ ගැසීමට නියමිතයි. මේ මුණ ගැසීම සම්බන්ධව පළවෙනි සැක සහි කරුණු කීපයක් තියෙනවා. IMF ඉදිරි ණය වාරිකය නොලැබුණොත් රනිල්ගේ පින් ජනාධිපති ධුර කාලය අවසන් වන තුරු හෝ බලයේ රැඳී සිටීමට අවශ්‍ය කරන සහයෝගය ඉන්දියාවෙන් ලබා ගැනීම. ඒ සඳහා නැවත ඉන්දියානු ණය ආධාරයක් වෙත ගමන් කිරීම රනිල්ගේ උපායමාර්ගය වීමට නියමිතයි.

රනිල්ගේ ජනාධිපති කම රැක දීම වෙනුවෙන් ඉන්දියාව නැවත කේවල් කිරීමට සූදානම් වන්නේ පළාත් සභා මැතිවරණය සාකච්ඡා මේසයට කැඳවමින්. රනිල්ගේ ඉදිරි ඉන්දීය සංචාරයෙන් පසු පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කිනම් මැතිවරණයද කියන පැනයට පිළිතුරක් හමුවෙන්න පුළුවන්. ඒ අනුව ඉන්දීය බලපෑම ද ඇතිව බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය රනිල්ගේ ඉන්දීය සංචාරයෙන් පසුව පැවැත්වීමට ඇති ඉඩකඩ වැඩිය.

රනිල් ඉදිරි ජනාධිපතිවරණයට සහභාගි වන්නේ නම් ඔවුන්ගේ ගණන් බැලීම අනුව උතුරු නැගෙනහිර ඡන්ද රනිල් වෙත නම්මවා ගත යුතුය. ඒ වෙනුවෙන් දෙන දේශපාලන අල්ලසක් ලෙස පළාත් සභා මැතිවරණය විවිධ පොරොන්දු තබමින් පැවැත්වීමට ඇති ඉඩකඩ මේ වන විට වැඩිවෙමින් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...