ගනවතුර තත්ත්වය හේතුවෙන් ගොවි බිම් රැසක් විනාශ වී තිබේ. මෙම ප්‍රමාණය දිවයින පුරා ගොවි බිම් අක්කර ලක්ෂ 4ක් පමණ යටවී ඇතැයි වාර්තා වේ. අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල වී වගාවන් රැසක් ගංවතුර නිසා විනාශ වි තිබේ. වැඩිම හානිය සිදුව ඇත්තේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කය වල වගාවන්ට යි.
ගොවි අරගල මධ්‍යස්ථානය පසුගියදා සිදුකළ මාධ්‍ය හමුවක් පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් අක්කර 75000ත ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වි ඇති බවයි. එසේම අම්පාර දිස්ත්‍රික්කයේ ඉරිඟු වගාකල ගොවි බිම් අක්කර 5000ක් පමණ ගංවතුරට හසුවූ බව සඳහන් වේ. එසේම වි වගාව ආරම්භ වී සති දෙකක් මාසයක් අතර කාලයක් ගතවී ඇති බැවින් බිත්තර වී, පොහොර, සහ කෘෂි නාශක සඳහා පමණක් ශ්‍රමය හර ගොවියා අක්කරයකට රු. 50000ත ආසන්න ප්‍රමාණයක් වියදම් කර ඇතැයි ද ගොවි අරගල මධ්‍යස්ථානය සිය මාධ්‍ය හමුස්ස්ෂග්ග්වේදී පවසා තිබුණි.
එසේමස්ස්ෂග්ග් මෙස්ස්ෂග්ග්හිදී අම්පාර රඹකැන් ඔය ප්‍රදේශයේ ගොවි බිම් ජලයෙන් යටවීම ගැන අදහස් දක්වමින් ගොවි අරගල මධ්‍යස්ථානය පාවසුවේ මෙවර එම වගාබිම් ජලයෙන් යටවු වේ දෙවැනි වතාවට බවයි. මෙවර සිදුවූ හානියට වන්දි ලබාදීමට අමතරව ගංවතුර පාලනය සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ගොවි අරගල මධ්‍යස්ථානය පවසයි.
එසේම බොහෝ ප්‍රදේශ වල එලවළු වාගවන්ද අධික වර්ෂාපතන නිසා විනාශ වි තිබේ.
මේ තත්ත්වය ගැන නිසි ගණන් බැලීමක් සිදුකර වන්දි ලබාදීම සිදුකිරීම මෙන්ම නැවතත් වගා කළ හැකි බිම් තෝරාගෙන වගාව ආරම්භ කිරීමද කඩිනමින් කළ යුතු බව ගොවීන්ගේ අදහසයි.
එසේම ඇතැම් ගොවීන් පවසන්නේ වන්දි ලබාදීමේදී දැනට ආණ්ඩුව තක්සේරු කර ඇති අක්කරයකට රුපියල් 40000ක් ලබාදීම ප්‍රමාණවත් නොවන බවයි. ඔවුන් පවසන්නේ ඇතැම් ගොවි බිම්වල වලි ගොඩ ගැසී ඇති බැවින් ඒවා ඉවත් කිරීම සඳහාද අධික මුදලක් වයවෙනු ඇති බවයි.
කෙසේවෙතත් දැන් අවශ්‍ය වන්නේ ඉක්මන් මැදිහත්වීමක්. දැනටමත් රට තුළ සහල් අර්බුදයක් නිර්මානය වි තිබේ. ආණ්ඩුව සැලසුම් කර තිබුණේ මේ කන්නයේ සහල් වැඩිපුර මිලදී ගැනීම හරහා සහල් අර්බුදයට පිළියම් සෙවීමට යි. නමුත් දැනට පවතින ගංවතුර නිසා සිදුවූ හානියට කඩිනමින් මැදිහත් වීමට අපොහොසත් වුවහොත් එම අර්බුදය තවදුරටත් උග්‍ර වෙනු ඇත.
එසේම එලවළු ගොවීන්ට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහාද මැදිහත්වීම අවශ්‍ය වෙනු අත්. මන්ද ඉදිරියේදී එන උත්සව සමය සඳහා එලවළු මිල පාලනය කළ නොහැකි මට්ටමට ළඟා වීම වැලැක්වීම වැදගත් වෙනු ඇත.