ධම්මික පෙරේරා ආපහු ඇමති කෙනෙක් වෙන්න ආසයිලු

ආර්ථික සංවර්ධනයට අදාළ වගකීම් සහිත අමාත්‍ය ධුරයක් ලැබෙන්නේ නම් එය භාරගැනීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි.

“මම කලින් ඇමති ධුරය දැරුවේ දවස් 16යි. ඒ දවස් 16න් වැඩ කරන්න තිබුණේ දවස් 10යි. ඒ දවස් 10දී මම කලින් කියපු මාස දෙකක වැඩ කළා. මම සාමාන්‍යයෙන් කොහෙට ගියත් පියන් කෙනෙක්වත් වෙනස් කරන එක්කෙනෙක් නෙවෙයි නේ. ඒ කියන්නෙ අපි නායකයො නම් අපට එහෙම මිනිස්සු වෙනස් කරන්න ඕනෙ නෑ. මිනිස්සුන්ට අපි දෙන්න ඕනෙ දැක්මක් මෙන්න මේ විදියට තමා වැඩ කරන්නේ කියලා. අපට හොඳ මිනිස්සු කියලා සමාජයේ හොයන්න බෑ, ඉන්න මිනිස්සුන්ගෙන් වැඩගන්න දැනගන්න ඕනෙ.

දැනුත් මම මේ ජනාධිපතිතුමාටත් කියලා තියෙන්නෙ, මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරන්න දෙනවා නම් මම ආයෙ ආණ්ඩුවේ ඇමති ධුරයක් ගන්නවා. නැතුව මට නිකම් ඇමති ධුරයක් දුන්නාට වැඩක් නෑ, ඒකත් ඔය වගේ දවස් 10ක වැඩක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථික සංවර්ධන කියන කෑල්ල දාලා දෙන්න ඕනෙ. ඒක මම දැන් ලියලාම දීලා තියෙන්නෙ”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂයන්ගේ ඉවත් වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සඳහා පොදුජන පෙරමුණ විසින් ධම්මික පෙරේරාපත්කරන ලදී. පසුව ඔහුට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය හිමිවිය. නමුත් ටික දිනකින්ම ඔහු ප්‍රසිද්ධ සභාවක අදහස් දක්වමින් චෝදනා කර සිටියේ රනිල් වික්‍රමසිංහ තමන්ට වැඩ කිරීමට ඉඩ නොදෙන බවයි. පසුව ඔහු ඇමති ධූරයෙන් ද ඉල්ලා අස්විය.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...