දුෂීත බන්ධනාගාර ගැන වගේම ජනාධිපති සමාව ගැනත් නැවත හිතන්න මතක් වේවා !

මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමත් සමඟ තවත් එය තවත් ගැටලු කිහිපයක් නිර්මාණය කරමින් ඉදිරියට යනු දැකිය හැක.

වැඩ තහනමට ලක්ව සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ඊයේ (ජූනි 9) සවස අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා රිමාන්ඩ් කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.

මෙහිදී බොහෝදෙනෙක් පැහැදිලි කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කොතරම් දූෂිතද යන්න මේ හරහා පැහැදිලිවන බවයි. එහෙත් මෙහිදී අතුරු ප්‍රශ්නයක් මතු නොකර බැරිය. ජනාධිපතිවරයාට සිරකරුන්වට සමාව දිය හැකි ආකාරයෙන් බලයක් තිබීම එම ප්‍රශ්නයයි. මන්ද අපේ රටේ ජනාධිපති සමාව සම්බන්ධයෙන් ඇත්තේ ඉතාම අපකීර්තිමත් ඉතිහාසයකි.

එහි හොඳම උදහරණය වන්නේ රෝයල් පාර්ක් මිනීමැරුමට දඬුවම් ලැබූ පුද්ගලයාට මෛත්‍රීපාල සිරිසේන පාලන සමයේ ජනාධිපති සමාව දීමයි. ජනාධිපති සමාව බාවිත කර ඇත්තේ අහිංසක දුප්පත් මිනිසුන් නිරපරාදේ දඬුවම් විඳීම වැලක්වීමට නොව දේශපාලන හිත මිත්‍රකම්වලට සහ මුදල්වලට අධිකරණ තීන්දු පවා අභියෝගයට ලක් කිරීමටයි.

විවිධ ආගමික සහ සංස්කෘතික උත්සව අවස්ථාවලදී ලබාදෙන ජනාධිපති සමා හරහා සිදුවන්නේ මෙයම බව දැන් අනාවරණය වෙමින් තිබේ.

ගෙවුණු වසරේ සහ පසුගිය නත්තල් දිනයේදී රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති සමාවට නුසුදුසු සිරකරුවන් 26දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

ඇතැම් බන්ධනාගාර ප්‍රධානීන් විසින් කර ඇතැයි පැවසෙන මෙම ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ද සිදුකරයි.

මේ අනුව ආණ්ඩුව බන්ධාගාරය සුද්ධ කිරීම ආරම්භ කර ඇති බව පෙනේ. එය කොතරම් දුරට සාර්ථක වෙයිද යන සැකය තිබුනද තමන්ට කෙලවුණු පසු හෝ එය ඇරඹීම හොද දෙයකි. නමුත් ජනාධිපති සමාව ලබාදීමේ ජනාධිපතිවරයාට ඇති විශේෂ වරප්‍රසාදය ගැන සිතන්නට ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබේද යන්න ෂුවර් නැත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...