Breaking News

ප්‍රතිපාදන නොමැතිව චෙම්මනි සමූහ සුසානයේ කැනීම් නවතියි

චෙම්මනි සමූහ සුසානයේ කැනීම් කටයුතු ආරම්භ කොට මාසයක් ගතවීමටත් පෙර මුදල් නොමැතිකමින් වැඩ නතර කිරීමට සිදුවී තිබේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ජුනි 07 වැනිදා චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානයේ දෙවැනි අදියරේ කැනීම් කටයුතු තාවකාලිකව නතර කරන විට පුද්ගලයන් 19 දෙනකුට අයත් අස්ථි ගොඩගෙන තිබුණි.

මාස එක හමාරක කාලයක් අඛණ්ඩව සමූහ සුසානයේ කැනීම් කටයුතු කරගෙන යෑමට සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා ජුනි 06 වැනිදා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ට උපදෙස් ලබා දී තිබේ.

නීතිඥ රනිතා ඥානරාජා පවසන්නේ ඒ සදහා යෝජිත මුදල් ඇස්තමේන්තුව අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් විසින් ජුනි 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ බවයි. එම මුදල කොපමණදැයි මේ වන තෙක් ජනමාධ්‍යයට හෙලි කර නැත.

කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින නීතිඥ වී. එස්. නිරන්ජන් මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ මුල්‍ය ප්‍රතිපාදන ලැබීමෙන් පසු ජුනි 26 වැනිදා යලි කැනීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම සුසානය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් ලබාදුන් සාක්ෂි මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතියි. ඒ හරහා පැහැදිලි වන්නේ විවිධාකාරයෙන් ඝාතනය කරන ලද බොහෝ පිරිසක් මෙම ප්‍රදේශය රහසිගතව වළදමන්නට ඇති බවයි.

ඔවුන්ගේ ඝාතනවලට යුක්තිය ඉටුකිරීම වෙනුවට සිදුවෙනු ඇත්තේ මෙම සමූහ සුසානයේත් කැණීම් කටයුතු නවත්විමයි. මේවනවිට රට පුරා තිබෙන සමූහ සුසාන සෑම එකකටම සිදුව ඇත්තේ එයයි.

leave a reply