හමුදාපතිට අපහාස කිරීම සම්බන්ධයෙන් ‘විදුලි සන්දේශ’ පනත යටතේ සිතාසි

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ බවට චෝදනා ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවකට විදුලි සන්දේශ නියාමක කොමිෂන් පනත ප්‍රකාරව සිතාසි භාරදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (29) නියෝග කර තිබේ.

විතාරණගේ තුෂාර සාලිය රණවක විත්තිකරු අද දින අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.‍

වග උත්තරකරුට ඊමේල් පණිවිඩ මගින් යැවූ සිතාසිය ලැබී ඇති බවට ඔහු දැක්වූ ප්‍රතිචාර මගින් පෙනී යන බවත්, පිස්කෙල්වරයා මගින් සිතාසි භාරදීමට නොහැකි වී ඇති බැවින් යලිත් සිතා සිය යොමු කරන ලෙසට පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ එම්. මොහොමඩ් ෆර්ෂාන් අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.

යුද හමුදාපතිවරයා පසුගිය 15 වැනි දින මෙම නඩුව පැවරූ අතර පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපහාසාත්මක කරුණු ඇතුළත් වීඩියෝ ප්‍රකාශ සහ දර්ශන අන්තර්ජාලයට උඩුගත කිරීම ,බෙදා හැරීම වළක්වමින් කොන්දේසි සහිත තහනම් ආඥාවක් විත්තිකරුට එරෙහිව නිකුත් කරමින් අද දින අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙසට නියෝග කර තිබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...