රජත පුස්තක සම්මාන ප්‍රදානය ඊයේ කොළඹදී

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ‘රජත පුස්තක’ සාහිත්‍ය සම්මාන උළෙල ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

2020 රජත පුස්තක සම්මාන උළෙලේ හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත ‘මැරීන් ඩ්‍රයිව්’ කෙටිකතා සංග්‍රහයට හිමි විය.

අනුරාධා නිල්මිණීගේ ‘රිදුම් පිරි පිරිමැදුම්’, හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය දිනාගත් අතර සුජාතා අලහකෝන් මහත්මිය විසින් රචිත ‘ඒත් අපි පියාඹමු’, සම්මාන ‍උළෙලේ හොඳම යොවුන් නවකතාවට හිමි සම්මානය දිනා ගත්තේය.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...