ආණ්ඩුව පාස්කු ප්‍රහාරය එක්ක දේශපාලනය කරනවලු – නාමල් ‘සලේගේ’ සත්‍යග්‍රහයට ගිහින් ඇවිත් කියයි

වත්මන් රජය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ දේශපාලන වුවමනාවන් මත හසුරුවමින් පවතින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට චෝදනා කර තිබේ.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ පියා ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ජාතික ලැයිස්තුවේ සිටි බවත්, එම බෝම්බකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වත්මන් පාලකයන් වෙනුවෙන් මැතිවරණයට තරඟ කළ අයෙකු බවත්ය.

මෙම සත්‍ය කරුණු වසන් කරමින් වත්මන් රජයේ මැතිඇමතිවරුන් ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, “කරුණාකරලා මේකට නිවැරදි පරීක්ෂණයක් කරන්න, හැබැයි මේක දේශපාලන වේදිකාවේ මාතෘකාවක් කරගෙන පාස්කු වින්දිතයන්ට අසාධාරණයක් කරන්න එපා” යැයි දැඩිව අවධාරණය කර තිබේ.

නාමල් මෙය තමන්ටම කියා ගන්නවා විය යුතුය. මන්ද විවිධ පාර්ශ්ව හරහා ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේ නිදහස් කරන ලෙස ඉල්ලමින් තමන්ට නැවත බලය ලබාගැනීමට පාරවල් සොයන්නේ නාමල් ඇතුළු නඩයයි. ‘රණවිරුවන්’ වෙනුවෙන් පෙනී සිටිනවා නම් තවත් ඕනෑතරම් නඩු ‘රණවිරුවන්ට’ එරෙහිව තිබේ. එවැනි නඩුවලට නාමල්ලා මෙලෙස මැදිහත් වූවේ නැත. අනිත් අතින් ජනතාව සැක පළකරමින් සිටින්නේ නාමල්ලා මෙතරම් උනන්දුවෙන් මේ සඳහා මැදිහත් වෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජපක්ෂලාගේ සම්බන්ධය හෙළිවෙතැයි යන බිය නිසාද යන්නයි.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...