යුද්ධය සහ දීපචෙල්වන් – උන්ගරේත්ති

Date:

අනූෂා ශිවලිංගම් විසින් පරිවර්තිත “රාත්‍රිය මත රතුකුරුල්ලෙක් ලැගගෙන” දීපචෙල්වන්ගේ කවියක කොටසක් සටහනක් සමග අප හිතවත් කිවිවර නිවුන්හැල්ල සහෝදරයා එෆ්බී එකේ පළ කර තිබුණා. එම සටහනේම ඔහු කියා තිබුණේ මේ පලවන කවිය දීපචෙල්වන්ගේ දීර්ඝ කවියක කොටසක් බවයි.

ධාන්‍ය පිරුණු නිවෙස්‍ ය
නිවෙස් පිරුණු ගම් ය
ඒත් අත් හැර
අපි පිටත් වීමු
දුකින් පිරිමාවත්‍ ය

බෙදී දික්වෙන
ඒ හැම මාවතකම
හිසෙහි මළු දරාගෙන …
නැවතී මොහොතකට

දැන් හැරී බලන්න
මේ අපේ ගම් දිහා……

මේ කවිය කොටස කියවන විට මගේ මතකයට නැගුනේ මීට වසර කිහිපයකට ඉහත පරිවර්තනය කළ ජුසේප්පේ උන්ගරේත්ති (Giuseppe Ungaretti ) නම් ඉතාලි ජාතික කවියාගේ යුද්ධයේ අත්දැකීම් පාදක කරගෙන කළ නිර්මාණයකි.

” හුදකලා වූ ගස ”

ඉතිරිව නොමැත
කිසිවක්ම නගරයේ
ඉතිරිව ඇත්තේ
බිඳ වැටුණු නිවෙස් බිත්ති පමණි

බොහෝ දෙනෙක් හිටපු නගරයකි
ඉතිරිව ඇත්තේ ටිකකි
විශ්වාසයක් නොමැති
අධිෂ්ඨානයන් බිඳවැටුණු

බිඳ වැටුණු හදවතේ
ඔවුන් පිළිබඳ මතක
කුරුසයක් සේ
සටහන්ව ඇත

බිඳවැටුණු නගරයට වඩා
මට ඇත්තේ බිඳවැටුණු හදවතකි

1916 අගෝස්තු 27 දින

උන්ගරේත්ති රචනා කරන ලද කාව්‍යයන් අතර සැලකිය යුතුය කාව්‍ය ප්‍රමාණයක් යුද්ධය පිළිබඳව සහ එහි අත්දැකීම් පිළිබඳව රචනා වී තිබේ. යුද්ධය හේතු කරගෙන බිහිසුණු ලෙස විනාශ වෙච්ච නගර ,සොල්දාදුවන් ලෙස යුද්ධයට මැදි වෙන තරුණයන්ගේ ඉරණම,බිඳ වැටුණු බලාපොරොත්තු අතර තනිවෙන මිනිස්සුන්ගේ ඛේදවාචක ඔහුගේ කවි තුළ හොල්මන් සේ සැරිසරනවා.

“ නත්තල “

ගෙතුම් නුල් බෝලයක් සේ
පැටලී තිබෙන මාර්ගවල
උවමනාවක් නැහැ මට
ඇවිද යන්නට

විඩාවට පත්ව ඇත
මේ යුද්ධය
කර තියන් සිටි
මගේ උරහිස

සියල්ල අමතක වූ
අජීවී වස්තුවක් සේ
තබන්නට හැකිද
මුල්ලකට කර
නිසොල්මන්ව මාව

කිසිවක්ම නොදැනෙයි මට මෙහි
තාපයේ උණුසුම් හැර

පෙරලෙන ගිනි දැල් දෙස
පිටවෙන දුම දෙස
ඔහේ බලාගෙන
සිටින්නටමයි සිත
ගිණි උදුන අද්දර

උන්ගරේත්ති යුද පෙරමුණේ සිටි සොල්දාදුවෙක් ලෙස තමන් ලද අත්දැකීම් වේදනා බර, වචනවල මුසුකර සිත් කම්පා කරවන කවි ලියා තිබුණද පසුකාලීනව මුස්සොලීනි හිතවාදී පැසිස්ට් මතධාරියකු බවට පත්විය.

දීපචෙල්වන්ගේ කවිය කියවන විට උන්ගරේත්තිගේ කවිය මතකයට නැගෙන්නේ කවුරු කොහොම කොතන සිට යුද්ධය ගැන ලීවද එ වචන තුළින් පිට කරන හැඟීම හදවත් කම්පනයට පත් කරවන වේදනා බර හැඟීම්ම වන හෙයිනි.

ඉතින් හෙට දින අනූෂා ශිවලිංගම් නිසා දෙමළ කවියෙකුගේ හදවත සිංහලෙන් අපට කියවා ගැනීමට හැකිව තිබේ.

← Back

Thank you for your response. ✨

← Back

Thank you for your response. ✨

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...