Breaking News

ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජනාධිපති පවරාගත් සියලු ආයතන මෙන්න

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ජනාධිපතිවරයා යටතේ පවතින අරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ඇති බව වාර්තා වේ. මීට පෙර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පැවතියේ පළාත් පාලන ආයතන අමාත්‍යාංශය යටතේයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අමාත්‍යංශ දැරිය නොහැක. එහෙත් ආරක්ෂක අමාත්‍යංශය ඔහු යටතේ තබාගෙන තිබේ. ඊට අමතරව වෙනත් අමාත්‍යංශ යටතේ පැවතිය යුතු ආයතනද ඔහු තමා යටතේ තබාගෙන ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙවැනි ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගෙන ඇති එක් ආයතනයකි.

නව ගැසට් පත්‍රයට අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කොට ඇති ආයතනයන් මෙසේයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ශ්‍රී ලංකා පොලීසිය
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව.
රක්නා ආරක්ෂණ ලංකා ලිමිටඞ්
රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය
රාජ්‍ය රහස් තොරතුරු සේවය සේවය
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව
ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය
සර්ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය
ආරක්ෂක සේවා පාසල
ජාතික ශිෂ්‍යභට බලකාය
ජාතික ආරක්ෂක අරමුදල
ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයනය ආයතනය
ශ්‍රී ලංකා ජාති ආරක්ෂක විද්‍යායතනය
රණවිරු සේවා අධිකාරිය
අපි වෙනුවෙන් අපි අරමුදල
බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
මිලෝදා ආයතනය
සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

leave a reply